ගිය වර්ෂයේ (2020) සමස්ත අපනයන ආදායම සියයට 15.6කින් පහත වැටී ඇත.
මේ අනුව 2019 වර්ෂයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 11,940ක් වූ අපනයන ආදායම ගිය වසරේ (2020) දී ඇමෙරිකානු ඩොලර් මිලියන 10,077ක් දක්වා පහත වැටී තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.
මේ අතර 2020 දෙසැම්බර් මස අපනයන ආදායම 2019 වසරේ දෙසැම්බර් මස වාර්තාවූ ඇමෙරිකානු ඩොලර් මිලියන 1000 සිට ඇමෙරිකානු ඩොලර් මිලියන 964 දක්වා සියයට 3.5කින් පහත වැටී ඇති බවද එහි සඳහන් වේ
ශ්‍යාම් නුවන් ගනේවත්ත