Divaina - පාස්කු ප‍්‍රහාරය වුණේ ගිය ආණ්ඩුව කාලේ අපි කළ දෙයක් වගේ අද අපිට බණිනවා - ඇමැති චමල් රාජපක්ෂ

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

chamal1‘‘නිකන් බොරුවට කෑගහලා ඇති වැඩක් නෑ. මේක ගිය ආණ්ඩුවෙන් කරපු ම`ගුලක්. මේ පාස්කු ප‍්‍රහාරය ඇතිවුණේ ගිය ආණ්ඩුව කාලේ. අපිට තියෙන්නේ ඒ පිළිබඳව සොයලා බලලා නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම පමණයි’’ යැයි වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසීය.

අමාත්‍යවරයා පසුගිය 21 වැනිදා මේ බව පැවසුවේ හම්බන්තොට සිංගප්පූරු ශාලාවේ පැවති ‘සිව් දෙස

සුරැුකි සිව් වසර’ තිස්සමහාරාම ආසනයේ තරුණ නියෝජිත සම්මේලනයට සහභාගි වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

‘‘අද බොහෝ දෙනකුට අමතක වෙලා තියෙනවා මේ පාස්කු ප‍්‍රහාරය ඇති වුණේ කාගේ කාලයේද කියලා. අද අපේ කාලේ අපි කළ දෙයක් වගේ අපිට බණිනවා. මේ වන විට මේ සම්බන්ධයෙන් වන වාර්තාවක් ඇවිත් තියෙනවා. ඒ ලැබිලා තියෙන වාර්තාව පිළිබඳව සොයා බලා කටයුතු කරන්න පාර්ලිමේන්තුවේ කමිටුවක් පත් කරලා තියෙනවා. මම එම කමිටුවේ සභාපතිවරයායි. දැන් මේකේ තියෙන දේවල් කපන්න කරන්න නෙමෙයි අපිට තියෙන්නේ. තවම මේ වාර්තාව අපි අතට පත්වෙලා නෑ. පළමුවෙන්ම මේක කියවලා බලන්න ඕනේ. මේක පළමුවෙන්ම පාර්ලිමේන්තුවට පිටපත් තුනකින් යුතුව ඉදිරිපත් කරන්න ඕනේ. ඒ අනුව මෙතන තියෙනවා රජයට කරන්න වැඩ කොටසක්.

ඉතිරි කොටසක් තියෙනවා නීතිපති දෙපාර්තමේන්තුවට කරන්න වැඩ කොටසක්. මේ සියල්ල පිළිබඳව අවදානය යොමුකිරීමයි කළ යුත්තේ. රජය පැත්තෙන් අපිට තියෙන්නේ මේ සම්බන්ධයෙන් සාක්ෂි විමසීමේදී මොකද වුණේ ආදී කරුණු පිළිබඳව සොයා බලා ගත යුතු කරුණු අරගෙන බැහැර කළ යුතු කරුණු තියේ නම් ඒවා බැහැර කිරීමයි. මේ සියල්ල කරන්න අපිට තියෙන්නේ දින 15ක් විතරයි. ඒ නිසා රජය පැත්තෙන් කළ යුත්තේ කුමක්ද කියන කාරණය විතරයි අපි සොයා බලන්නේ. නීතිය පැත්තෙන් විය යුතු සියල්ල බලන්නේ නීතිපති දෙපාර්තමේන්තුව විසිනුයි. මෙහිදී

අගරදගුරුතුමන් ප‍්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා. ඉතින් ඒ ගැන කියන්න තියෙන්නේ එතුමන්ට සාධාරණ හේතුවක් තියෙනවා මේ ගැන කතා කරන්න. මොකද එතුමාගේ

ආගමේ විශාල පිරිසක් මේ ප‍්‍රහාරය නිසා මියගිහින් තියෙනවා. ආබාධිත වෙලා තියෙනවා. මේ සිදුවීම වෙලා දැන් අවුරුදු දෙකක් විතර තිස්සේ විවිධ කොමිෂන්වල කතාබහ වෙනවා මිසක් තවම ඒක කළ අයට කිසිදු ද`ඩුවමක් දීලා නෑ. මැරිච්ච අයට තවම වන්දියක් ලැබිලා නෑ. මේ නිසා උන්වහන්සේට ලොකු වේදනාවක් තියෙනවා. ඒ වගේම කියන්න ඕනේ උන්වහන්සේ කිව්ව විදියට මේ වාර්තාවේ තියෙන දේවල් හංගන්නවත් යටගහන්නවත් නෙමෙයි මේ කමිටුවක් පත් කරලා තියෙන්නේ. මේ කමිටුව තුළින් බලාපොරොත්තු වෙන්නේ රජය පාර්ශ්වයෙන් මොනවද කරන්න තියෙන්නේ කියන දේ සොයා බැලීමයි. නීතිය සම්බන්ධ කාරණා නීතිපති දෙපාර්තමේන්තුවේ වගකීමක්’’

මේ අවස්ථාව ස`දහා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන නීතිඥ පේ‍්‍රමනාත් සී. දොලවත්ත, අජිත් රාජපක්ෂ, වෛද්‍ය උපුල් ගලප්පත්ති යන මහත්වරු ඇතුළු ප‍්‍රාදේශීය දේශපාලනඥයන් රැුසක් එක්ව සිටියහ.

මත්තල - දිලීප් එන්. ජයසේකර
 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles