Divaina - වෙලේ සුදා උසාවි ගේන්න නියෝග

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p1 23 6ඉදිරි නඩු දිනයේදී ප‍්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ගම්පොළ විතානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා නමැත්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා බන්ධනාගාර කොමසාරිස්වරයාට නියෝග කළේය. එම විත්තිකරු මේ වන විට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින බව පෙන්වා දෙමින් විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කළ කරුණු දැක්වීම සලකා බැලූ විනිසුරුවරයා ඔහු ඇතුළු තිදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ විභාගය ලබන ජුනි 17 වැනිදා දක්වා කල්තබමින් එම නියෝගය කළේය.

හෙරොයින් ජාවාරමෙන් උපයාගත් රුපියල් කෝටි 17කට ආසන්න මුදල් හා දේපළවල හිමිකාරිත්වය දැරීම ඇතුළු අධිචෝදනා යටතේ එම විත්තිකරු ඇතුළු තිදෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩුව එහිදී කැඳවිණ.’

2010.01.01 හා 2012.02.25 වැනිදා කාලය අතරතුරදී හෙරොයින් ජාවාරමෙන් උපයාගත් මුදලින් බීඑම්ඩබ්ලිව් මෝටර් රථයක්, ලෑන්ඞ්රෝවර් රථයක්, රන් ආභරණ මෙන්ම කොල්ලූපිටිය බගතලේ ප‍්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී නිවාස දෙකක් ඇතුළු දේපළ මිලදී ගෙන තිබූ බව නීතිපතිවරයා විසින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර තිබූ එම නඩුවේ පැමිණිල්ලෙන් අධිකරණයට පෙන්වා දී තිබිණි.

සෙසු විත්තිකාරියන් වන වෙලේ සුදාගේ බිරිඳ හා ඔහුගේ ඥාති නැගණිය අධිකරණය හමුවේ පෙනී සිටි අතර එකී අධිචෝදනා පත‍්‍රයේ පැවැති මුද්‍රණ දෝෂ කිහිපයක් සංශෝධනය කිරීමට නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතාට අධිකරණය අවසර ලබා දුන්නේය.

ඒ.ජේ.ඒ. අබේනායක
 

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles