විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඊයේ (22දා) පෙරවරුවේ අ`ගුණකොළපැලැස්ස බන්ධනාගාරයට ගොස් සිරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසා බැලීය.
මන්තී‍්‍රවරයාගේ සුවදුක් විමසීමෙන් පසුව කථානායකවරයා විසින් වහාම රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ගෙන්විය යුතු යැයි විපක්ෂ නායකවරයා පැවසීය.
සිරගෙදර තුළ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ ජීවිතය බරපතළ අවදානමකට ලක්ව ඇති බවත්, ආණ්ඩුව මේ පිළිබඳව වහාම සිය අවදානය යොමු කළ යුතු බවත් ඒ මහතා පැවසීය.
තම පක්ෂය රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා වෙනුවෙන් නිරන්තරයෙන්ම පෙනී සිටින බවද හෙතෙම වැඩිදුරටත් කීය.
අකිත පෙරේරා