46 වැනි ජිනීවා සමුළුව ඊයේ (22 දා) ආරම්භ වූ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් අමාත්‍ය ගුණවර්ධන මහතා ඇතුළු අමාත්‍ය කණ්ඩායමක් හෙට 24 දා කොළඹ සිට අන්තර්ජාලය ඔස්සේ සමුළුව අමතනු ඇත.
ශ්‍රී ලංකාවට එරෙහිව බි්රතාන්ය ප්රමුඛ රටවල් 05 ක් ගෙන එන නව යෝජනාව හෙට බි්රතාන්ය රජය විසින් සමුළුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ මහත්මියගේ වාර්තාව ද එදිනම ප්‍රකාශයට පත් කෙරේ. මීට අමතරව ශ්‍රී ලාංකික විශේෂ නියෝජිතයකු ජිනීවා වෙත යෑමට නියමිතය.
කීර්ති වර්ණකුලසූරිය