Divaina - ඉම්රාන් අද දිවයිනට

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


p1 23 8පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා දෙදින නිල සංචාරයක් ස`දහා අද (23දා) දිවයිනට පැමිණීමට නියමිතය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ඇරයුමකට අනුව මෙරට ළ`ගාවන පාකිස්තාන අගමැතිවරයා කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළේදී විශේෂ හමුදා උත්තමාචාර මධ්‍යයේ පිළිගනු ඇත.

අගමැති ඉම්රාන් ඛාන් මහතා සිය සංචාරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ ද්වීපාර්ශ්වික රැුස්වීම්වලට සහභාගි වන අතර, ව්‍යාපාර හා ආයෝජන සංසදයක් මෙන්ම ක‍්‍රීඩා රාජ්‍යතාන්ත‍්‍රික කටයුත්තක් ඇතුළු තවත් ඉහළ මට්ටමේ කටයුතු ද සැලසුම් කොට ඇත. අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන නිල සාකච්ඡුාවලින් අනතුරුව පෙබරවාරි 23 වැනිදා ශ‍්‍රී ලංකා සහ පාකිස්තාන අගැමතිවරුන් එක්ව අන්‍යෝන්‍ය වශයෙන් ප‍්‍රතිලාභ ගෙන එන ද්වීපාර්ශ්වික අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීමේ උත්සවයක මුලසුන හොබවනු ඇත.

අගමැති ඉම්රාන් ඛාන් මහතා මේ වසරේ සිය රටෙන් බැහැර නිරත වන මංගල නිල සංචාරයේ දී පාකිස්තානයේ ප‍්‍රධාන වශයෙන් රෙදිපිළි හා ඇඟලූම්, ඖෂධ, කෘෂි ආහාර වෙළෙඳ භාණ්ඩ, ක‍්‍රීඩා භාණ්ඩ, මැණික් හා ස්වර්ණාභරණ, වාහන අමතර කොටස්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ඉදිකිරීම් ද්‍රව්‍ය හා ශල්‍ය උපකරණ යන අංශවල ව්‍යාපාරික නායකයන්ගෙන් සමන්විත ඉහළ පෙළේ ව්‍යාපාරික හා ආයෝජන නියෝජිත කණ්ඩායමක් ද ඒ සමඟ එක්වෙයි.

ඉම්රාන් ඛාන් මහතා සමඟ විදේශ කටයුතු අමාත්‍ය මක්¥ම් ෂා මෙහමූඞ් කුරේෂි මහතා, වාණිජ කටයුතු පිළිබඳ අග‍්‍රාමාත්‍ය උපදේශක අබ්දුල් රසාක් ඩාවූඞ් මහතා, විදේශ කටයුතු ලේකම් සොහෙයිල් මෙහමූඞ් මහතා සහ පාකිස්තාන රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගි වනු ඇත.

චතුර පමුණුව

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles