Divaina - ආණ්ඩුව හදන්නේ පාස්කු ප‍්‍රහාරයේ සාක්ෂි හංගන්නයි - විනිසුරුවරු හදපු වාර්තාවක් පරිශීලනය කරන්න මන්ත‍්‍රීවරුන්ට පුළුවන්ද?

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

kirialle1 - විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල
 
 - පාස්කු ප‍්‍රහාරය පිළිබ`ද සාක්ෂි සැ`ගවීමේ උත්සාහයක ආණ්ඩුව නිතරවී සිටින බව විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා (21දා* පැවැති පුවත්පත් සාකච්ඡුාවකට සහභාගී වෙමින් පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කීවේය.
 
 පාස්කු ප‍්‍රහාරය පිළිබ`ද ජනාධිපති කොමිෂන් වාර්තාව පසුගිය මාසයේ ජනාධිපතිතුමාට භාරදුන්නා. විපක්ෂයත්, දේශපාලන පක්ෂත්, කාදිනල්තුමාත් ප‍්‍රකාශ කළා මේ වාර්තාව ඉදිරිපත් කරන්න කියලා. අවුරුදු එකහමාරක් පමණ සාක්ෂි විමසලා කෙසේ හෝ වාර්තාව ලබාදුන්නා. නමුත් අපි පෙරේදා දුටුවා අරුම පුදුම කථාවක්. ඒ මොකක්ද දැන් මේ පාස්කු ප‍්‍රහාරය පිළිබ`ද විශේෂ ජනාධිපති කොමිෂන් වාර්තාව පරිශීලනය කරන්න දේශපාලඥයන් කිහිපදෙනෙක් පත් කරලා තියෙනවා. මේක සම්පූර්ණ නීති විරෝධි ක‍්‍රියාවක්.
 
 මොකද යහපාලන ආණ්ඩුව කාලයේ පනතක් ගෙනාවා මම තමයි සභානායක ලෙස ඒක ඉදිරිපත් කළේ. ජනාධිපති කොමිෂන් වාර්තාවක කරුණු අධ්‍යනය කොට නීතිපතිවරයාට ඉදිරිපත් කොට නඩු දාන්න.
 
 කලින් එහෙම නීතියක් තිබුණේ නෑ. ඒ පනත අනුව විශේෂ ජනාධිපති කොමිෂන් වාර්තාව ලබාදුන් පසු වහාම නීතිපතිට හෝ අල්ලස් කොමිසමට ඉදිරිපත් කරන්න ඕන. එසේ නොකර මොකක්ද මේ කරන්න හදන්නේ? මේ වාර්තාවේ සාක්ෂි තිබෙනවා වත්මන් ආණ්ඩුවට ඇ`ගිල්ල දික්වෙන. ඒ සාක්ෂි හංගන්නයි මේ සූදානම් වෙන්නේ. ඊයේ කාදිනල්තුමන් මේ බව ප‍්‍රකාශ කළා. කාදිනල්තුමන්ගේ ප‍්‍රකාශය අද සනාථ වෙලා තිබෙනවා. පුවත්පතක අද ස`දහනක් තිබෙනවා ජනාධිපති ලේකම් කාර්යාලයේ නීතිඥ මහත්මයෙක් ප‍්‍රකාශ කරලා තිබෙනවා පාස්කු ප‍්‍රහාරයේ වාර්තාව පරිශීලනය කොට ජනාධිපතිතුමා ලබාදෙන නිර්දේශය කි‍්‍රයාත්මක කරන බවට. මම එතුමාට මතක් කරන්න කැමැතියි ජනාධිපති කොමිෂන් වාර්තාවක් පරිශීලනය කරන්න ජනාධිපති ලේකම් කාර්යාලයට බලයක් නෑ. ඒක වහාම නීතිපති දෙපාර්තුමේන්තුවට හෝ අල්ලස් කොමිසමට යවන්න ඕන. නීතිපති දෙපාර්තුමේන්තුවේ නීතිඥවරු ඉන්නවා ඒ අයට පුලූ‍වන් මේ වාර්තාව අධ්‍යනය කරලා නීතියට අනුකූලව කටයුතු කරන්න.
 
 පැහැදිලිවම මේ කරන්න හදන්නේ ආණ්ඩුවට ඇ`ගිල්ල දික්වෙන සාක්ෂි හංගන එක. මේ වාර්තාව වෙනස් කළොත් අපි සමගි ජන බලවේගය ලෙස අවශ්‍ය නීති කි‍්‍රයාමාර්ග ගන්නවා. මොකද මේ වාර්තාවේ සාක්ෂි තිබෙනවා වත්මන් ආණ්ඩුවේ සමහර අයට. අපටත් මුල ඉ`දලම සැකයක් තිබුණා පාස්කු ප‍්‍රහාරය පිටිපස ආණ්ඩුවේ සම්බන්ධයක් තිබෙනවා කියා. මොකද සහරාන්ගේ බිරි`දගේ සාක්ෂිය ඉතා වැදගත්. ඒවා තීරණාත්මකයි. ජනතාවගේ අධිකරණ බලය අධිකරණයට ලබා දෙන්නෙ පාර්ලිමේන්තුවයි. ඒක ව්‍යාකූල කරන්න හදවානම් අධිකරණ බලයට ඇ`ගිලි ගහනවානම් අපි ඊට අදාල කටයුතු කරනවා මන්ත‍්‍රීවරු ලෙස.
 
 වහාම මේ වාර්තාව නීතිපතිට යවන්න ඕන.නීතිපතිට තමා පුලූ‍වන් මේක අධ්‍යනය කරලා නීති කටයුතු කරන්න. දේශපාලඥයන් හදන්නේ මේකේ සාක්ෂි හංගන ඒක. ඒක ඉතාම පැහැදිළියි.
 
 අනෙක් කාරණාව මේ වාර්තාව හැදුවේ විනිසුරුවරුන් තුන් දෙනෙක්. ඒ අය වැරදි තීන්දු තීරණ දෙයිද? විනිසුරුවරුන් හදපු වාර්තාවක් පරිශීලනය කරන්න මන්ත‍්‍රීවරුන්ට පුලූ‍වන්ද? පැහැදිලිවම මේ කරන්නේ සාක්ෂි හංගන එක. ඒ නිසා අපි කියන්නේ මේ වාර්තාව වෙනස් නොකර ඉදිරිපත් කරන්න.
 
 සාමාන්‍ය කොමිසමක වාර්තාවක් පරිශීලනය කරන්න විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරන්න පුලූ‍වන්. නමුත් විශේෂ ජනාධිපති කොමිසමක වාර්තාව කෙළින්ම යවන්න ඕන නීතිපතිට. ඒ වාර්තාව පරිශීලනයට.
 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles