කොවිඞ් වසංගත තත්ත්වයට මුහුණ දීමට සිදුවීම නිසා ගිය වසරේ (2020* මුළු විදෙස් සංචාරක ආදායම සියයට 73.5කින් පහත වැටී ඇත.
මේ අනුව 2019 වසරේ වාර්තාවූ ඇමෙරිකානු ඩොලර් මිලියන 3607ක් වූ විදෙස් සංචාරක ආදායම ගිය වසරේ (2020* දී ඇමෙරිකානු ඩොලර් මිලියන 957 දක්වා අඩුවී ඇත.
සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් දියත් කිරීමත් සම`ග 2020 දෙසැම්බර් මස සංචාරක පැමිණීම් සුළු ප්‍රමාණයක් වාර්තා විය. ඒ අනුව 2020 දෙසැම්බර් මාසයේදී යුක්රේනයෙන් සංචාරකයෝ 393 දෙනෙක් මෙරටට පැමිණියහ.
2019 වසරේදී වාර්තාවූ 1913702ක සංචාරක පැමිණීමට සාපේක්ෂකව 2020 වසරේදී 507704ක සංචාරක පැමිණීමක් වාර්තාවිණි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත