Divaina - මහර කැරලි ගැසූ රැඳවියන් 50කට මාස 2 බැගින් ලිහිල් සිර ද`ඩුවම්... වරද පිළිනොගත් 12ක් රිමාන්ඞ්

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

මිනුවන්ගොඩ ටෝනි කරුණානායක
 
maharas222මහර බන්ධනාගාරය තුළ රිමාන්ඞ් සිරකරුවන් ලෙස ර`දවා සිටියදී අනවසරයෙන් පිටතට පැමිණීම, කැරලි ගැසීම, දේපළවලට හානි කිරීම සහ පැනයෑමට තැත් කිරීම යන චෝදනා 04 කට වරද පිළිගත් රැ`දවියන් 50 දෙනකුට ගම්පහ අංක 02 දිසා විනිසුරු රවින්ද්‍ර රංජන් බණ්ඩාර මහතා ඊයේ (26දා* එක් අයකුට එක් චෝදනාවකට මාස 02 බැගින් ලිහිල් සිරදඬුවම් නියම කළ අතර එම ලිහිල් සිරදඬුවම එකවරම ගෙවී යන ලෙසට නියම කෙරුණි.
 
 බන්ධනාගාර ආඥා පනත යටතේ ඉහත චෝදනා සම්බන්ධයෙන් රැු`දවියන් 62 දෙනකුට විරුද්ධව මහර බන්ධනාගාරය මගින් ගොනු කර තිබූ චෝදනා ගම්පහ අංක 02 දිසා විනිසුරු රවින්ද්‍ර රංජන් බණ්ඩාර මහතා ඉදිරියේ විභාගයට ගත් අතර සැකකාර රැ`දවියන් 50 දෙනකු වරද පිළිගැනීමෙන් අනතුරුව මෙසේ ලිහිල් සිරදඬුවම් නියම කළේය.
 
 චෝදනා ප‍්‍රතික්ෂේප කළ සැකකාර රැ`දවියන් 12 දෙනකු පෙබරවාරි මස 08 වැනිදා දක්වා රිමාන්ඞ් බාරයට පත් කෙරුණි. සැකකාර රැුඳවියන්ට චෝදනා කියවා දීම ගම්පහ අංක 02 දිසා අධිකරණයේ වැඩ බලන භාෂා පරිවර්තක නිශාන්ත ජානක මහතා සිදු කළේය.
 
 තෝල්ක මුදලි ලෙස කමල් පේ‍්‍රමසිරි මහතා මහර බන්ධනාගාරයේදී කටයුතු කළේය. නිමල් රණසිංහ මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක් සැකකාර රැ`දවියන් වෙනුවෙන් පෙනී සිටි අතර පැමිණිල්ල වෙනුවෙන් මහර බන්ධනාගාරයේ දෙවැනි ජේලර් යූ.කේ. චන්ද්‍රරත්න මහතා පෙනී සිටියේය.

 

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles