Divaina - මුතුරාජවෙල ගොඩකිරීම් වළක්වන අතුරු තහනමක් ඉල්ලා පෙත්සමක්

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


ඒ. ජේ. ඒ. අබේනායක
 
muthura333මුතුරාජවෙල අභයභූමිය ආශි‍්‍රතව මුතුරාජවෙල වගුරු බිම තුළ සිදුකරන මහා පරිමාණ ගොඩකිරීම් හා ඉදිකිරීම් වහාම වළක්වන අතුරු තහනම්  නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය හා එහි විධායක අධ්‍යක්‍ෂ හේමන්ත විතානගේ මහතා ඊයේ (26දා* අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කළේය.
 
 ජෛව විවිධත්වයෙන් යුත් සංරක්‍ෂිත ප‍්‍රදේශයක් ලෙසට ගැසට් මගින් ප‍්‍රකාශයට පත්කර ඇති මුතුරාජවෙල අභයභූමිය ආශි‍්‍රතව නිසි පාරිසරික ඇගයීම් වාර්තා හෝ ලබා නොගෙන විවිධ සමාගම් හා පුද්ගලයන් විසින් සිදු කරන එකී මහා පරිමාණ ගොඩකිරීම් හා ඉදිකිරීම් නිසා පරිසර සංරක්‍ෂණයට විශාල හානියක් සිදුවන බව පෙත්සම්කරුවෝ කියති.
 
 එම අනිසි කි‍්‍රයාදාමයට අමතරව කොළඹ හා ආශි‍්‍රත ප‍්‍රදේශවල පිහිටි පළාත් පාලන ආයතන විසින් එකී ප‍්‍රදේශවලින් බැහැර කරනු ලබන කැළි කසළ එම වගුරුබිමට ගෙනවිත් දැමීම මෙන්ම අවට ප‍්‍රදේශවල පිහිටි කර්මාන්ත ශාලාවලින් බැහැර කරන අපද්‍රව්‍ය ගෙනවිත් දැමීම මගින් ද පරිසරයට විශාල හානියක් සිදුවන බවත් පෙත්සම්කරුවෝ කියා සිටිති.
 
 එබැවින් එවැනි අනවසර ගොඩකිරීම් හා කසළ බැහැර කීරීම් ද වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් මුතුරාජවෙල තෙත්බිම් කලාපය ඇතුළු තෙත්බිම් කලාප ආරක්‍ෂා කිරීමට නිසි ප‍්‍රතිපත්තියක් සකස්කර කි‍්‍රයාත්මක කිරීමට හා වගුරු බිම් නැවත මැනුම් කර ඒවා සංරක්‍ෂණය කිරීමට විදිමත් කි‍්‍රයාමාර්ග ගන්නා ලෙසට බලධාරීන්ට බලකරන රීට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා ඇත. නීතිඥ නිමල් වික‍්‍රමසිංහ මහත්මිය මගින් ගොනුකර තිබූ එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පරිසර විෂය භාර අමාත්‍යවරයා, වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා, වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා, වත්තල, ජාඇල හා මීගමුව ප‍්‍රාදේශීය ලේකම්වරුන් නම් කර ඇත.
 

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles