Divaina - මානව හිමිකම් කොමසාරිස්ගේ නිර්දේශවලට රජයෙන් දැඩි ප‍්‍රතිචාර

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

කීර්ති වර්ණකුලසූරිය
 
micheli133මෙරට හමුදා නිලධාරීන් 59 කගේ වත්කම් සහ විදේශ ගමන් තහනම් කිරීම ඇතුළු සම්බාධක පැනවීමට මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ කර ඇති නිර්දේශවලට දැඩි ප‍්‍රතිචාරයක් දක්වමින් ශ‍්‍රී ලංකා රජය අද (27දා) ඇය වෙත වාර්තාවක් යැවීමට තීරණය කර ඇත.
 
 මෙම වාර්තාවේ රජය දක්වා ඇත්තේ ඇගේ සහය මත බි‍්‍රතාන්‍ය ප‍්‍රමුඛ රටවල් පහ ගෙනඒමට යෝජිත නව ජිනීවා යෝජනාවට කිසිසේත් එක`ග නොවන බවයි.
 
 මානව හිමිකම් කොමසාරිස්වරියගේ මෙම නිර්දේශ මුළුමනින්ම කොටි ඩයස්පෝරාවේ නිර්දේශ බවද රජය චෝදනා කරයි.
 
 පිටු 17 කින් යුත් ඇයගේ නිර්දේශ මාර්තු 18 දා ප‍්‍රකාශයට පත් වීමට නියමිතව තිබුණි. එය පසුගිය සෙනසුරාදා (23දා) කොටි ඩයස්පෝරාවට ලැබී ඇත.
 
 පාස්කු ප‍්‍රහාරයෙන් පසු ආරක්‍ෂාව වැඩි කිරීම මුස්ලිම් මෘතදේහ වළ දැමීමට ඉඩ නොදීම යන චෝදනාද මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් ශ‍්‍රී ලංකාවට එල්ල කර තිබේ.
 
 ඇය තවදුරටත් දක්වා ඇත්තේ යුද හමුදාවට සහ පොලිසියට විදේශ පුහුණුවීම් ලබානොදිය යුතු බවයි.
 
 මානව හිමිකම් කොමසාරිස්වරිය සිය වාර්තාවේ තවදුරටත් දන්වා ඇත්තේ ශ‍්‍රී ලංකාවේ හමුදාව ජාත්‍යන්තර අධිකරණයට සහ සර්ව ලෝක අධිකරණයට යොමු කළ යුතු බවයි.

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles