Divaina - මානව හිමිකම් කොමිසම මොනව කීවත් කොරෝනා මරණ ගැන තීන්දුව සෞඛ්‍ය නිර්දේශ අනුවයි....

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

kehal222එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම කුමන වාර්තා නිකුත් කළත් කොරෝනා මරණ සම්බන්ධයෙන්  ශී‍්‍ර ලංකා රජය කටයුතු කරන්නේ මෙරට සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ අනුව බව සම කැබිනට් ප‍්‍රකාශක ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
 
 කොරෝනා මරණ ආදාහනය කිරීමෙන් සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වී ජාතිවාදී ස්වරූපයක් ඇති වන්නේ යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය ස`දහන් කළත් එය මුළුමනින්ම ප‍්‍රතික්‍ෂේප කරන බවද ඇමැතිවරයා ස`දහන් කළේය.
 
 රටේ සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශවලින් බැහැරව කටයුතු කිරීමට රජයට හෝ කැබිනට් මණ්ඩලයට සෞඛ්‍යමය දැනුමක් නොමැති බව කී ඇමැතිවරයා, එසේ කටයුතු කර වගකීම් භාර ගැනීමේ හැකියාවක් නොමැති බවද පෙන්වා දුන්නේය.
 
 කැබිනට් තීරණ දැනුම් දීම ස`දහා ඊයේ (26 වැනිදා* මාර්ගගත ක‍්‍රමය ඔස්සේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව ස`දහන් කළේය.
 
 කොරෝනා මරණ පිළිබ`ද කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් වාර්තා නිකුත් කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඇති සෞඛ්‍යමය දැනුම පිළිබ`ද මෙහිදී ගැටලූවක් මතුවන බවද ඇමැතිවරයා පැවසීය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ සිව් පුද්ගල කමිටුවක් මගින් ශී‍්‍ර ලංකාව කොරෝනා මරණ පිළිබ`ද කටයුතු කරන ආකාරයෙන් සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් කඩවී ජාතිවාදී ගැටලූ නිර්මාණය වන බව හා එය ජාතිවාදී ස්වරූපයක් ගන්නා බවට වාර්තාවක් නිකුත් කරමින් ප‍්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමැතිවරයා මෙම කරුණු පැවසීය.
 
 කොරෝනා වෛරසය ශීඝ‍්‍රයෙන් පැතිර ගිය සියයට සියයක්ම මුස්ලිම් ජනතාව වෙසෙන චීනයේ එක් ප‍්‍රාන්තයක පවා කොරෝනා මරණ සම්බන්ධයෙන් වෙනත් කි‍්‍රයාමාර්ගයක් නොගත් අතර, එහිදී කිසිවකුත් කිසිදු චෝදනාවක් නොකළ බවද ඇමැතිවරයා කියා සිටියේය.
 
 කොරෝනා මරණ භූමදානය හෝ ආදාහනය කිරීම යන ක‍්‍රම දෙකම පිළිබ`ද ලෝක සෞඛ්‍ය සංවිධානය ස`දහන් කර තිබුණද, එහි අවසන් තීරණය ගැනීමේ
 
 වගකීම පවරා ඇත්තේ අදාළ රාජ්‍යයේ සෞඛ්‍ය බලධාරින්ට බව පෙන්වා දුන් ඇමැතිවරයා, එනිසා මෙරට සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශවලට පිටින් වැඩ කිරීමට රජය කිසිසේත්ම සූදානම් නැති බවද පැවසීය.

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles