Divaina - යුරෝපා රටවල පැතිරයන නව කොරෝනා වෛරස් ප‍්‍රභේදයක් ලංකාවෙන් හඳුනාගනී... පූගොඩ මුව ආවරණ නිෂ්පාදනය කරන කම්හලක 34ක් පොසිටිව්

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

සමන් ගමගේ

 
newcro222ශීඝ‍්‍ර ව්‍යාප්තියක් සහිත නව කොරෝනා වෛරස් ප‍්‍රභේදයක් මෙරටින් හඳුනා ගැනීමට ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප‍්‍රතිශක්ති විද්‍යාව සහ ෙසෙල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ඇතුළු කණ්ඩායමක් සමත්ව තිබේ.
 
 පසුගිය දිනවල නිරෝධායන මධ්‍යස්ථානයකින් එවනු ලැබූ ජෛව සාම්පල දෙකකින් මෙම වෛරස් ප‍්‍රභේදය හ`දුනාගෙන ඇත.මෙය ශීඝ‍්‍රයෙන් ව්‍යාප්තවීමේ හැකියාවක් සහිත වන අතර ඉකුත් දිනවල එංගලන්තයේ සහ අපි‍්‍රකානු රටවල ව්‍යාප්ත වූ වෛරස් ප‍්‍රභේදයට වඩා වෙනස් ආකාරයේ එකක් බවද සඳහන් වේ. එම නව වෛරස් ප‍්‍රභේදය ස්වීඩනය, ඩෙන්මාර්කය, ජර්මනිය හා අයිස්ලන්තය වැනි රටවල පැතිර ගිය නව කොරෝනා ප‍්‍රභේදයට සමාන බවද හඳුනාගෙන ඇත.
 
 මේ වන විට නව කොරෝනා වෛරස් ප‍්‍රභේදය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් පරීක්‍ෂණ ආරම්භ කර ඇත.
 
 මේ අතර කොරෝනා වෛරසය ආසාදිතව මෙරට තුළ රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගීන් 709 දෙනකු පූර්ණ සුවය ලබා පිටව ගිය බව සෞඛ්‍ය අංශ ඊයේ (26 වැනිදා* පස්වරුවේ ස`දහන් කළේය. එම පිරිසත් සම`ග මෙරටදී කොරෝනා ආසාදිතව රෝහල්ගතවී ප‍්‍රතිකාර ලැබීමෙන් පසු පූර්ණ සුවය ලද සංඛ්‍යාවද 51046 දක්වා ඉහළ ගියේය.එසේම කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ තවත් මරණ හතරක් පෙරේදා (25 වැනිදා* රාති‍්‍ර වන විට මෙරටින් වාර්තා වුණු අතර එම මරණ හතරත් සම`ග සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාවද 287 දක්වා වැඩි විය. බේරුවල 49, දැරණියගල 43 යන වයස්වල පසු වූ කාන්තාවන් දෙදෙනකු සහ වරකාගොඩ ප‍්‍රදේශයේ 76 හැවිරිදි පිරිමි පුද්ගලයකුත් කොළඹ 08 ප‍්‍රදේශයේ 71 හැවිරිදි පිරිමි පුද්ගලයකුත් මෙසේ මරණයට පත්ව තිබිණි.
 
 එසේම පෙරේදා රාති‍්‍රය වන විට මෙරටින් අලූතින් කොරෝනා ආසාදිතයන් 737 දෙනකු හ`දුනා ගැනීමට සෞඛ්‍ය අංශ සමත්ව තිබිණි. එම ආසාදිතයන් අතරින් සුපුරුදු ලෙස වැඩිම පිරිසක් කොළඹ දිස්ති‍්‍රක්කයෙන් වාර්තා වී තිබුණු අතර එම සංඛ්‍යාව 227 ක් විය.එසේම සිදු කරන ලද පීසීආර් හා
 
 රැුපිඞ් ඇන්ටිජන් පරීක්‍ෂණ මගින් තවත් කොරෝනා ආසාදිතයන් 369 දෙනකු ඊයේ (26 වැනිදා* සවස 6.30 වන විට සෞඛ්‍ය අංශ මගින් හ`දුනාගෙන තිබුණු අතර එම සංඛ්‍යාවන් සම`ග මෙරට සමස්ත කොරෝනා ආසාදිත පිරිස 59535 ක් විය. මේ අතරින් ආසාදිතයන් 8203 දෙනකු රෝහල්ගතව වැඩිදුරටත් ප‍්‍රතිකාර ලබමින් සිටින බවද සෞඛ්‍ය අංශ ස`දහන් කළේය.
 
 සංචාරකයන්ට මෙරටට පැමිණිමේ අවස්ථාව ලබා දෙමින් ඉකුත් 22 වැනිදා විවෘත කෙරුණු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ආරක්‍ෂක අංශයේ සේවකයන් පස්දෙනකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ අනාවරණය විය. එම ආසාදිතයන් පස්දෙනා ප‍්‍රතිකාර ස`දහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇති අතර ඔවුන්ගේ ආශි‍්‍රතයන් සොයා විමර්ශනයක්ද අරඹා ඇත.මේ අතර ගම්පහ දිස්ති‍්‍රක් ඉඩම් රෙජිස්ට‍්‍රාර් කාර්යාලයේ නිලධාරීන් 15 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයිද සෞඛ්‍ය අංශ ඊයේ හඳුනාගෙන තිබිණි. එම කාර්යාලයේ නිලධාරීන් සැකසහිත රෝග ලක්‍ෂණ පෙන්වීම නිසා සිදු කළ පීසීආර් සහ රැුපිඞ් ඇන්ටිජන් පරීක්‍ෂණ 131 කින් පසු රැුපිඞ් ඇන්ටිජන් පරීක්‍ෂණ සිදු කළ 31 ක් අතරින් මෙම පිරිස හ`දුනාගෙන ඇති අතර පීසීආර් පරීක්‍ෂණවල ප‍්‍රතිඵල ලැබීමට නියමිතව ඇත.
 
 මේ හේතුවෙන් පසුගිය දිනවල ගම්පහ දිස්ති‍්‍රක් ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයෙන් සේවා ලබා ගැනීමට පැමිණි අය සිටී නම් අවධානයෙන් පසුවන ලෙසත් සැක සහිත රෝග ලක්‍ෂණ මතු වුවහොත් වහාම ප‍්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා දැනුවත් කරන ලෙසත් සෞඛ්‍ය අංශ ඉල්ලීමක්ද කරයි.සීදුව මහජන සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල බලප‍්‍රදේශය තුළ පෙරේදා දිනයේ සිදු කළ අහඹු රැුපිඞ් ඇන්ටිජන් පරීක්‍ෂණ 150 කින් ආසාදිත පුද්ගලයන් 15 දෙනකු හ`දුනා ගැනීමටද සෞඛ්‍ය අංශ සමත්ව ඇත.
 
 මේ අතරින් ආසාදිතයන් දෙදෙනකු රද්දොළුගම නිවාස සංකීර්ණයෙන් වාර්තා වී ඇති අතර අනෙකුත් ආසාදිතයන් කොටුගොඩ, ආඬිඅම්බලම ආදී වශයෙන් අවට ප‍්‍රදේශවලින් වාර්තා වී තිබේ.මේ අතර පූගොඩ ප‍්‍රදේශයේ මුව ආවරණ නිෂ්පාදනය කරනු ලබන කම්හලක සේවකයන් 34 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ද ඊයේ අනාවරණය වී තිබිණි. මේ අනුව ආසාදිතයන් පිරිස ප‍්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර ඔවුන්ගේ ආශි‍්‍රතයන් හ`දුනා ගැනීම ස`දහා සෞඛ්‍ය බලධාරීන් පරීක්‍ෂණ අරඹා ඇත.
 
 එසේම ගම්පහ ප‍්‍රදේශයේ පුද්ගලික දුරකථන සමාගම් කාර්යාලයක සේවකයන් 10 දෙනකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ වාර්තා විය.ඇති වූ උණ රෝගී තත්ත්වයක් නිසා සිදු කළ රැුපිඞ් ඇන්ටිජන් පරීක්‍ෂණවලින් පසුව මේ බව හෙළිවී ඇති අතර පසුව එහි සේවය කළ අනෙකුත් සේවකයන්ටද පීසීආර් පරීක්‍ෂණ සිදුකර ඔවුන් සිටින ස්ථානවලම නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත. කඩුවෙල රණාල ප‍්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරන සේවකයන් 64 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ හඳුනාගෙන තිබිණි. මීට දින කිහිපයකට පෙර එම ආයතනයෙන් ආසාදිතයන් තිදෙනකු වාර්තා වීමත් සම`ග සිදු කළ පීසීආර් පරීක්‍ෂණ මගින් මෙම ආසාදිතයන් පිරිස හ`දුනාගෙන ඇත. එසේම මොරවක, පිටබැද්දර ප‍්‍රදේශයේ වැඩිහිටි නිවාසයක නේවාසික වැඩිහිටියන් 12 දෙනකුට සහ එක් සේවකයකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ අනාවරණය වී තිබිණි. එම ආසාදිතයන් 13 දෙනාට අමතරව ගාල්ල කළුවැල්ල ප‍්‍රදේශයේ වැඩිහිටි නිවාසයක සිටි වැඩිහිටියන් පස්දෙනකුද කොරෝනා වෛරසයට ගොදුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ ස`දහන් කළේය.
 

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles