Divaina - නවීන් ජාතික සංවිධායක ධුරය එපා කියයි

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 චමින්ද සිල්වා
 
 naveee11211එක්සත් ජාතික පක්‍ෂ ජාතික සංවිධායක ධුරය සුදුසු පුද්ගලයකුට ලබාදෙන ලෙස දැනට ජාතික සංවිධායක ධුරය දරන නවීන් දිසානායක මහතා පක්‍ෂනායක රනිල් වික‍්‍රමසිංහ මහතාට ඊයේ (26දා* ලිඛිතව දැනුම් දී ඇත.
 
 මා දැනට කටයුතු කරන එක්සත් ජාතික නුවරඑළිය දිස්ත‍්‍රික් නායක හා කෘත්‍යාධිකාරී සභික ලෙස කටයුතු කිරීමට කැමැත්ත ප‍්‍රකාශ කරන බවත්, පක්‍ෂ නායකවරයා හා කෘත්‍යාධිකාරී මණ්ඩලය තමාට නැවතත් ලබාදෙන ලද ජාතික සංවිධායක ධුරය තවත් සුදුසු පුද්ගලයෙකුට ලබාදෙනවාට විරුද්ධත්වයක් නොමැති බවත් නවීන් දිසානායක මහතා පක්‍ෂ නායකවරයාට යැවූ ලිපියේ සඳහන් කර ඇත.
 
 එලෙසම සිය පියාණන් ජනාධිපති අපේක්‍ෂක හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක ලෙස තම ජීවිතය කැප කළ එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රතිපත්ති හා අනාගත වැඩපිළිවෙළට තම සම්පූර්ණ සහයෝගය දෙන බවද 2000 වර්ෂයේ සිට මන්ත‍්‍රීවරයෙක්, නියෝජ්‍ය අමාත්‍යවරයෙක් හා කැබිනට් අමාත්‍යවරයෙක් වශයෙන් කටයුතු කළ තමාට දක්වන ලද සහයෝගයට ස්තූතිය ප‍්‍රකාශ කරන බවත් දිසානායක මහතා විසින් යවනු ලැබූ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles