Divaina - පවිත‍්‍රා ධම්මික පැණිය බිව්වේ එක් වතාවයි.... සැමියා කියයි

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

නෝමන් පලිහවඩන
 
 pavit222කොවිඞ් 19 ආසාදිතව සිටින සෞඛ්‍ය ඇමැතිනි පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය ධම්මික පැණිය පානය කළේ එක් අවස්ථාවකදී පමණක් බව ඇගේ සැමියා වන  සබරගමුව පළාත් සභාවේ හිටපු සභාපති කාංචන ජයරත්න මහතා ‘දිවයින’ට පැවසීය. ඇමැතිනිය ධම්මික පැණිය එක හැන්දක් පමණක් මාධ්‍යයට දැක ගැනීමට ප‍්‍රසිද්ධියේ පානය කළ බව ද ජයරත්න මහතා කියා සිටියේය.
 
 හෙතෙම මෙසේ ද පැවසීය. ඇමැතිවරියට කොරෝනා ආසාදනය වීම පුදුමයක්. කොහෙන් බෝ වුණා ද කියලා අපිටත් ප‍්‍රශ්නයක්. හැබැයි ඇය කොරෝනා මැඬලීමේ වැඩපිළිවෙළ පිළිබඳව සෞඛ්‍ය නිලධාරීන් මෙන්ම විවිධ පුද්ගලයන් සග එක්ව වැඩ කළා. ළඟදී දවසක ඇය උගුර ටිකක් රිදෙනවා කිව්වා හින්දා පී. සී. ආර්. සහ ඇන්ටිජන් පරීක්ෂණයකට ලක්වුණා. ඇමැතිනිය හික්කඩුව ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක පසුවනවා. අපි නිවසේ නිරෝධායන වෙනවා. නිවසේ වැඩ කරන ආරක්ෂක සේවයේ යෙදී සිටින සියලූම දෙනාත් පී. සී. ආර්. සහ ඇන්ටිජන් පරීක්ෂණවලට යොමු කළා. ඇමැතිනිය හැර අප කාටත් කොරෝනා වැළඳී නැති බව තහවුරු වුණා.

 

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles