Divaina - දේශපාලන පළිගැනීම්වලට කිසිම සාධාරණයක් වුණේ නෑ... විශ‍්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පේ‍්‍රමලාල් රණගල

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්
 
prema222පසුගිය යහපාලන රජය සමයේ දේශපාලන පළිගැනීම් රැසකට ලක්වූ තමන්ට වර්තමාන රජය යටතේ ස්ථාපිතකර ඇති දේශපාලන පළිගැනීම් සොයා බැලීම සඳහා පත්කළ කමිටුවෙන්ද කිසිම සාධාරණයක් ඉටුවී නොමැති බව විශ‍්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පේ‍්‍රමලාල් රණගල මහතා පවසයි.
 
 තමන් රාජපක්‍ෂවරුන්ට පක්‍ෂපාතීව රාජකාරි කළ බව කියමින් යහපාලන රජය සමයේ කොළඹ දකුණු පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාව සිට හිටි හැටියේම බදුල්ල නියෝජ්‍ය පොලිස්පතිගේ පුද්ගලික සහකාර ලෙස මාරුකර යැවූ බව ද රණගල මහතා කියා සිටියි. ඉකුත් 2015 වර්ෂයේ මාර්තු 7 වැනිදා තමන් මෙසේ හිටිහැටියේම මාරුකර යැවීම නිසා දැඩි ලෙස චිත්ත පීඩාවට ලක්වූ බවත් ඒ හේතුවෙන් හදිසි හෘදයාබාධයකට ලක්ව ශල්‍යකර්මයකට පවා භාජනය කළ බවත් ඒ මහතා පවසයි.
 
 පොලිස් රාජකාරිය දේවකාරිය ලෙස කරගෙන ගිය තමන්ව යහපාලන රජය යටතේ දේශපාලන
 
 පළිගැනීම් මත විවිධ ස්ථානවවලට මාරුකර යැවූ බවද රණගල මහතා වැඩිදුරටත් කියා සිටියේය.
 
 වර්තමාන රජය යටතේ දේශපාලන පළිගැනීම් සොයා බැලීම සඳහා පත් කළ කොමිසම හමුවේ තමන් පෙනී සිටි බවත් එම කමිටුවෙන් තමන්ට කිසිම සාධාරණයක් ඉටුනොවූ බවත් පේ‍්‍රමලාල් රණගල මහතා කියා සිටියේය.
 
 මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරය දරද්දී තමන් කොළඹ දකුණ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස රාජකාරි කළ බවත් එම කාල සීමාවේදී එවකට විපක්‍ෂයේ සිටි විවිධ දේශපාලනඥයන්ගෙන් මරණ තර්ජනයට පවා ලක්වූ බවත් රණගල මහතා පවසයි.

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles