කහවත්ත - සමරවීර නිරෝෂණ
සිංහරාජය සුරැකීමේ පාරිසරික සංවිධාන නියෝජිතයකු මෙන්ම වෙබ් මාධ්‍යවේදියකුද වන ලක්මාල් රණබාහු මහතාට රාජ්‍ය නිලධාරිනියකගේ සැමියකු සහ ආරක්ෂක නිලධාරිවරයකු සිදුකළ පහරදීමකින් තුවාල ලබා කලවාන රෝහලට ඇතුළත් කර ඇති අතර එම නිලධාරිණියගේ සැමියා ද රෝහල් ගතවී තිබේ.
කලවාන ප්‍රාදේශීය රාජ්‍ය නිලධාරිනියකගේ සැමියකු ඇතුළු පිරිසක් විසින් මෙම පහරදීම සිදුකර ඇතැයි තුවාලකරු පොලිසියට පැමිණිලි කර තිබේ. නිලධාරිනියගේ සැමියාද පොලිසියට පැමිණිලි කරමින් පරිසරවේදියා යැයි කියාගත් පුද්ගලයකු තමාට පහරදුන් බව සඳහන් කර ඇතැයි පොලිසිය පවසයි.
ඉකුත් 24 වැනිදා මෙම ප්‍රහාරය කලවාන ප්‍රදේශයේ දී සිදුවූ බව වාර්තා වේ. කලවාන පොලිසිය පැවසුවේ පැමිණිලි දෙකම ගැන පරීක්ෂණ සිදු කරන බවයි.
සිංහරාජයේ කුඩව මාර්ගය ඉදිකිරීමට විරුද්ධව විශාල හඬක් නැඟූ ලක්මාල් රණබාහුට කළ පහරදීම පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය විසින්ද හෙළා දැක තිබේ. සිංහරාජය අවට සිදුවන ඉඩම් මංකොල්ලය සම්බන්ධව මොහු විසින් දිගින් දිගටම බලධාරීන්ට බලපෑම් කරමින් සිටි අතර රාජ්‍ය නිලධාරිවරියගේත්, ඇයගේ සම්බන්ධයක් ඇතුව සිදුවන පරිසර විනාශයක් ගැන විමසීම හේතුවෙන් මෙම පහරදීම සිදුකර ඇත්තේ කලවාන ප්‍රදේශයේ ඇයගේ හිතවතුන් පිරිසක් හා ස්වාමි පුරුෂයා විසින් බව පරිසර හා සොබාදහම් සුරැුකීමේ සංවිධානයේ රවින්ද්‍ර කාරියවසම් මහතා පවසයි.
පහරදීම සම්බන්ධව අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නොමැති අතර එසේ ඔවුන් අත්අඩංගුවට නොගන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග සඳහා යොමුවන බවද එම සංවිධානය පවසයි.
- Hits: 478