Divaina - ඡන්දයකදී බුද්ධිමතුන් ළංකර ගත්තත් දේශපාලකයන් පසුව අතහරිනවා සමගි ජන බලවේගය ඒ කි‍්‍රයාවලිය බැහැර කරනවා - විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

sajith1සාමාන්‍යයෙන් ඉතිහාසයේ සිටම දකින්නට ලැබෙන අත්දැකීම වන්නේ විවිධ දේශපාලන පක්ෂ, උගතුන්,බුද්ධිමතුන්,ආචාර්යවරුන් සහ මහාචාර්යවරුන් ඇතුළු පාර්ශ්ව මැතිවරණ ආසන්නයේදී සිය මැතිවරණ ප‍්‍රචාරණය සඳහා ජයග‍්‍රහණය වෙනුවෙන් දායක කරගත්ත ද සිය අරමුණ ඉටුකර  ගැනීමෙන් පසු ඔවුන් අත්හැර දැමීම බවත්, සමගි ජන බලවේගයත්, තමනුත් එම අවස්ථාවාදී ක‍්‍රියාවලිය සහමුලින්ම බැහැරකරන බවත් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය. විපක්ෂ නායකවරයා එසේ පැවසුවේ සමගි ජන බලවේගයේ වෘත්තීය වේදීන්ගෙන්, විද්වතුන් ගෙන් සමන්විත බුද්ධි මණ්ඩපය ඉකුත් 23 වැනිදා පිහිටුවනු ලැබීම නිමිත්තෙන් පැවති උත්සවයේදීය. ජනතාවාදී අධ්‍යයන හා වෘත්තීයවේදී බුද්ධි මණ්ඩපය ලෙස හැඳින්වෙන එය සියයකට අධික සාමාජිකයන් ගෙන් සමන්විතය. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විපක්ෂ නායකවරයා මෙසේ ද කීවේය.
 
 විවිධ රජයන් මැතිවරණයකදී විශ්වවිද්‍යාල ක්ෂේත‍්‍රයේ උගතුන්, බුද්ධිමතුන්, මහාචාර්ය, ආචාර්ය කථිකාචාර්ය ඒ සියලූම දෙනාම උපයෝගි කර ගන්නවා මැතිවරණ ජයග‍්‍රහණය කිරීම උදෙසා. ඒ අයගේ අත්සන් ලේඛන යොදාගෙන ප‍්‍රචාරක දැන්වීම් පවා දානවා. එම අත්සන් ලේඛන බොහෝ පුවත්පත්වල පළ වෙනවා. මැතිවරණය අවසන් වෙලා රාජ්‍ය බලය ලැබූ විගසම අර උපදේශකවරුන් විශේෂඥයන් බුද්ධිමතුන් පිට රටවල්වලින් ආනයනය කරනවා. එසේ මෙසේ ආනයනය කිරීමක් නොවේ, ඩොලර්වලින් ඒ උපදේශක මහත්වරුන්ට සාත්තු සප්පායම් කරලා අවසානයේ ප‍්‍රගතිය දිහා බැලූවහම වැඩියමක් රට වෙනුවෙන් වෙලා නෑ. මගේ කිසිදු විරුද්ධතාවයක් නැහැ. විදේශීයව සිටින ශ‍්‍රී ලාංකීය නොවන බුද්ධිමතුන්ගේ උපදෙස් ලබා ගැනීම පිළිබඳව. මා හිතනවා නොයෙකුත් අවස්ථාවන්වලදී ක‍්‍රමෝපායිකව එය සිදුවිය යුතු දෙයක්. නමුත් අපට බුද්ධිමතුන් පිටරටවලින් ආනයනය කිරීම වෙනුවට අපේ රටේ අධ්‍යාපනය තුළින් ශක්තිය ලබා, එම අධ්‍යාපන ආයතනවල තවත් බුද්ධිමතුන් බිහිකිරීමෙන් බුද්ධිමත් සමාජයක් නිර්මාණය කිරීමෙන් අපේ රට දියුණු කරන්න පුළුවන්. ඉතින් අපි මේ රටේ බුද්ධිමය සම්පත වන ඔබතුමන්ලාට වැඩි ඉඩක් ලබාදීමේ අරමුණින් සමගි ජනබලවේගය ඉදිරියට යන්නට අදහස් කරනවා.
 
 මෙතනදී විශේෂයෙන්ම ප‍්‍රතිපත්ති සම්පාදනය උදෙසා රාජ්‍ය පාලනය තුළ හැම භූමිකාවක්ම, හැම ක්‍ෂේත‍්‍රයක්ම ආවරණය වෙන කොටස් හඳුනාගෙන බුද්ධිමත් ඔබතුමන්ලාගේ ඔබතුමියලාගෙ අදහස් තුළින් අපේ අනාගත දැක්ම සහ වැඩපිළිවෙළ සහිත අපේ ප‍්‍රතිපත්ති මාලාව සම්පාදනය කරන්නට අපි අදහස් කරනවා. අපි අපේක්ෂා කරනවා ඔබ සියලූ දෙනාගේම සහයෝගය තුළින් සමගි ජන බලවේගයේ නුතනවාදී ප‍්‍රගතිශීලී ඉදිරි දැක්මක් තිබෙන ඒ ප‍්‍රතිපත්ති මාලාව සම්පාදනය කිරීමේ පෙරමඟ ගමන්කරුවන් බවට ඔබ සියලූ දෙනාම පත් කරන්නට.
 
 අපේ අලූත් දැක්ම තුළ ඔබතුමාලගේ කාර්යභාරය එයට පමණක් සීමාවන්නේ නැහැ. ප‍්‍රතිපත්ති මාලාව සම්පාදනය කරන්නට අවශ්‍ය බුද්ධිමය ශක්තිය ඔබතුමන්ලා දායාද කරන අතරතුර ඉදිරි රජයකදී සංවර්ධනයේ වැදගත් කේන්ද්‍රස්ථානවල ඒ නිර්මාණය කරපු ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමේ ක‍්‍රියාකාරීන් බවට ඔබ සියලූ දෙනා පත් කරන්නටත් අපේ නව දැක්ම තුළ අපි අදහස් කරගෙන තිබෙනවා. විශේෂයෙන්ම මේ අවස්ථාවේ මං සමගි ජන
 
 බලවේගයේ අපේ ගමන, අපේ දැක්ම බොහොම සංක්‍ෂිප්තව ඔබ සියලූ දෙනාටම ඉදිරිපත් කරන්නට අවස්ථාවක් කර ගන්නවා. ප‍්‍රධානතම වශයෙන් සමගි ජන බලවේගය සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය social democracy යන සංකල්පය මුදුන් පත් කරගෙන මැද පිළිවෙත අනුගමනය කරමින් middle of the path දේශපාලන ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන ගමනක් අපි ක‍්‍රියාත්මක කරනවා. මේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දර්ශනය තුළ රටක ධන උත්පාදනයට, නිදහස් වෙළඳපොළ බලවේගවලට අපි අවස්ථාව ලබා දෙනවා. ධන උත්පාදනයට නිදහස් වෙළඳපොළ බලවේග ක‍්‍රියාත්මක වෙලා ව්‍යවසායකත්වයට මුල්තැන ලබාදෙමින් ඒ ධනය නිර්මාණය වෙනකොට ක‍්‍රමෝපායික රාජ්‍ය මැදිහත්වීම strategic government intervention ඒ ප‍්‍රතිපත්තිය තුළ සමබර සංවර්ධනයක්, ඒ කියන්නේ සංවර්ධනය ආර්ථික වර්ධනයේ ප‍්‍රතිලාභ ප‍්‍රතිඵල ජන සමාජයේ සැමදෙනාටම ආදායම ධනය බෙදාදීමේ ක‍්‍රමවත් වැඩසටහනක් තුළ අපි ක‍්‍රියාත්මක කරන්නට අදහස් කරනවා . නිදහස් වෙළඳපොළ බලවේග free market system එක අපි පාවිච්චි කරනවා ධනය උත්පාදනය කරන්නට. හැබැයි එය ධන උත්පාදන ක‍්‍රියාවලිය තුළින් සමත්වන අසමත් වෙන කොට්ඨාස දෙකක් ඉන්නවා. අපි ක‍්‍රමවේද සකස් කරන්නට ඕන රටේ ලක්ෂ 220 ම සමතුන් බවට පත් කරන්න . අන්න ඒ තුළ තමයි රාජ්‍ය මැදිහත්වීම හරහා ආදායම ධනය සමබරව බෙදීයෑම
equitable redistribution of income and wealth මෙන්න මේ වැඩපිළිවෙළ ඔස්සේ අපි ක‍්‍රියාත්මක වෙන්න බලාපොරොත්තු වෙනවා. සාධාරණ ආර්ථික වර්ධනයක් සමබර ආර්ථික වර්ධනයක්, ඒක අපි හඳුන්වනවා growth with equity කියලා. මේ සංකල්පය තුළ අපි ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.
 

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles