
ජූඞ් ඩෙන්සිල් පතිරාජ
එඞ්වින් ආරියදාසයන්ගේ ආකර්ෂණීය ලේඛන ශෛලිය සහ සංකීර්ණ විෂයයන් සරල බසින් පැහැදිලි කිරීමේ හැකියාව නිසා ඔහු වටා දස දහස් ගණන් පාඨක පිරිසක් සහ ශ්‍රාවක පිරිසක් එක්රොක් වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඞ්වින් ආරියදාස මහතා වෙනුවෙන් ශෝක පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියි.

රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවති මෙම ආදාහන උළෙලට හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන, හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න, පාර්ලිමේන්තු මන්තී‍්‍ර මනුෂ නානායක්කාර සහ රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
එම ශෝක පණිවුඩය සම්පූර්ණයෙන් මෙසේය.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු ලෙස යහපත් මාධ්‍ය කලාවක් ගොඩනැඟීමට සහ ප්‍රාමාණික වියතකු ලෙස කලා සහ මානව ශාස්ත්‍ර විෂය ගණනාවක
ප්රගමනයට දායක වූ කලාකීර්ති ආචාර්ය එඞ්වින් ආරියදාස මහතාගේ අභාවය පිළිබඳ පුවත බලවත් සංවේගය දනවන්නකි. බහුවිධ ක්ෂේත්රයන්හි තමන් සතුව තිබූ පැතිරි දැනුමෙන් ජන මනස පෝෂණය කිරීමට එතුමන් කළ මෙහෙවර සිහිපත් කරන්නේ ඉමහත් ගෞරවයෙන් යුතුවය.
බහුතර ජනතාව ආචාර්ය එඞ්වින් ආරියදාස මහතා හඳුනාගෙන සිටියේ මාධ්‍ය ක්ෂේත්රයේ දැවැන්තයකු ලෙසිනි. ලේක්හවුස් ආයතනයෙන් සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කළ ඔහු කර්තෘ මණ්ඩල සාමාජිකයකු ලෙස සහභාගි වෙමින් ජාතික පුවත්පත් රැුසක ප්‍රවර්ධනයට දායක විය. සිංහල, ඉංගී්රසි භාෂා දෙකෙහිම හසල දැනුමක් ඇතිව සිටි ඔහු, ඉංගී්රසි බසින් තමා උගත් දේ සිංහල පාඨකයාට සහ ශ්රාවකයාට නොමසුරුව බෙදා දුන්නේය. ආරියදාසයන් ‘ඇවිදින පුස්තකාලය’ යන අන්වර්ථ නාමයෙන් අගයනු ලැබූයේ ඔහු රැුස්කරගත් දැනුම් සම්භාරය නිසාය.
එඞ්වින් ආරියදාසයන්ගේ ආකර්ෂණීය ලේඛන ශෛලිය සහ සංකීර්ණ විෂයයන් සරල බසින් පැහැදිලි කිරීමේ හැකියාව දසදහස් සංඛ්‍යාත මුද්‍රිත සහ විiුත් මාධ්‍ය ග්රාහකයන් ඔහු වටා ඇද බැඳ ගැනීමට හේතු විය. ලෝක ආර්ථික, දේශපාලන සහ සමාජ ප්රවණතා පිළිබඳව නිරතුරු අවදියෙන් පසුවූ ලේඛකයකු සහ විචාරකයකු ලෙස ද ඔහු නමක් දිනාගෙන තිබිණ. ඔහු අපේ රටේ විශ්වවිiාල පද්ධතියෙහි ජනමාධ්‍ය විෂයය ස්ථාපනය කොට වර්ධනය කිරීමට කළ කාර්යභාරය පැසසුම් කටයුතුය.
භාෂා විශේෂඥයකු වූ එඞ්වින් ආරියදාසයන් මාධ්‍ය ශබ්ද කෝෂයට එක්කළ පාරිභාෂිත වචන රැුසකි. අසූව දශකයේ රූපවාහිනිය ආගමනයේ දී වැඩසටහන් සම්පාදනයට ඔහු සකී‍්‍රය ලෙස දායක විය. විiා ලේඛකයකු, සිනමා විචාරකයකු පරිසරවේදියකු ලෙස ද එඞ්වින් ආරියදාසයන් කීර්තියට පත්ව සිටියේ ය. බහුවිධ විෂය ක්ෂේත්රයන්හි ප්‍රදර්ශනය කළ විෂධ බව නිසාම එතුමා ‘කලාකීර්ති’ ඇතුළු දෙස් විදෙස් සම්මාන රැුසකින් පිදුම් ලැබීය.
ආචාර්ය එඞ්වින් ආරියදාසයන්ගේ අභාවය අපේ සමාජයේ විශාල රික්තයක් නිර්මාණය කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඞ්වින් ආරියදාසයන්ට අජරාමර නිවන් සැප ලැබේවායි ප්‍රාර්ථනය කරමි.
