අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා පමණක් බස්නාහිර පළාතේ ඊයේ (25) පාසල් විවෘත කිරීමත් සමග එම සිසුන්ගේ පැමිණීමේ සාධනීය තත්ත්වයක් සෑම අධ්‍යාපන කලාපයකින්ම පෙන්නුම් කෙරුණු බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
බස්නාහිර පළාතේ සියලූ අධ්‍යාපන කලාප අතුරින් මතුගම අධ්‍යාපන කලාපයේ පාසල් සිසුන්ගේ පැමිණීම ඉහළ මට්ටමක පැවැති බවත් ,එය ප්‍රතිශතයක් වශයෙන් සියයට 65.08 ක් විය.
පළාතේ අනෙකුත් අධ්‍යාපන කලාප වන කළුතර සියයට 61.49 ක් මිනුවන්ගොඩ සියයට 56 ක්, මීගමුව සියයට 52.43 ක්, හෝමාගම සියයට 51.72 ක්, කැලණිය සියයට 49.46 ක්, ගම්පහ සියයට 42.12 ක් , පිළියන්දල සියයට 40.81 ක්, ශ්‍රී ජයවර්ධනපුර සියයට 36.81 ක්, හොරණ සියයට 29 ක් හා කොළඹ සියයට 26.81 ම්ට්ටමක පැවැති බව වාර්තා වේ.
සෞඛ්‍ය නිර්දේශයන්ට යටත්ව සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ මගහැරුණු විෂය කරුණු ආවරණය කිරීම සඳහා බස්නාහිර පළාතේ පාසල් ඊයේ විවෘත කෙරුණි. මෙම ක්‍රියාමාර්ගය වඩා සාර්ථක කරගැනීමට දෙමව්පියන් ඇතුළු සියලූ පාර්ශ්වයන්ගේ සහයෝගය ඉතා වැදගත් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
අනුර බාලසූරිය,චමින්ද සිල්වා