Divaina - නැගෙනහිර ජැටියේ යම් කොටසක් හෝ ඉන්දියාවට දුන්නොත් ආණ්ඩුව බරපතළ අර්බුදයකට යා හැකියි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

abayatissa1කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කොටස්වලින් යම් ප‍්‍රමාණයක් ඉන්දියාවට ලබාදීමට රජය කටයුතු කළහොත් ඉදිරියේදී ආණ්ඩුව බරපතළ අර්බුදයකට යා හැකි බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.
 
 ඊයේ (25) වරාය වෘත්තිය සමිති ඔවුන්ගේ යෝජනා උන්වහන්සේට පිළිගැන්වූ අවස්ථාවේ දී මෙම අදහස් පළවිය.
 
 වරාය වෘත්තිය සමිති 23ක නියෝජිතයින් ඊයේ පෙරවරුවේ පැපිලියාන සුනේත‍්‍රාදේවි පිරිවෙන් විහාරස්ථානයේදී මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් බැහැදැක, නැගෙනහිර පර්යන්තය සියයට සියයක් ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය මගින් ක‍්‍රියාත්මක කිරීමට අදාළ යෝජනාවලිය පිළිගැන්වීය.
 
 මෙහිදී අදහස් දැක්වූ පැපිලියාන සුනේත‍්‍රාදේවී පිරිවෙන් මහා විහාරයේ පරිවේනාධිපති මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි මෙලෙස ප‍්‍රකාශ කර සිටියේය. ”‍අපිට මේක කරන්න බැහැ කියලා කියනවා නම් ඩොලර් මිලියන 600ක් නැතිකම නිසා. මේ අපේ රටේ හැදෙන පාරවල් හදන්න ඩොලර් මිලියන කොච්චර යනවද? ඒ මංමාවත් හදන දේවල් මේ වසරකට දෙකකට තුනකට හරි නතර කළත් අපිට මේක කරන්න පුළුවන්. ඒ නිසා මුදල් නැහැ කියන කතාව බොරු. අනිත් එක එදා අපි රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩු කාලේ හම්බන්තොට වරාය විකුණන වෙලාවේ කිව්වේ මේක දෙන්න එපා කියලා. මම මෛත‍්‍රීපාල ජනාධිපතිවරයා ළඟට ගියේ උදේ පාන්දර 7ට එතුමා අර පත්තරේ බලන්නත් කලින්. මං ගිහිල්ලා ළඟ ඉඳගෙන කිව්වා ජනාධිපතිතුමනි ඉඩකඩම් විකුණගෙන කන තාත්තා කෙනෙක් ළඟට ඇවිල්ලා අඬ අඬ අනේ තාත්තේ අපිට ජීවත් වෙන්න තියෙන ගේයි වත්තයි ඉඩමයි රැුකලා දෙන්න කියන පුතෙක් වගේ හිතන්න මාව කියලා. ඒක තුට්ටු දෙකට විකුණලා දැම්මා. අද සල්ලිත් නැහැ වරායත් අපිට නැහැ”‍

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles