පොලිස් දෙපාර්තමේන්තුවේ බහුතරයක් නිලධාරීන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ දේශපාලන පළිගැනීම් මත යැයි කියමින් පොලිස් නිලධාරීන් පිරිසකට උසස්වීම් ලබාදීම සඳහා කර ඇති නිර්දේශ තාවකාලිකව අත්හිටුවා ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.
දේශපාලන පළිගැනීම්වලට ලක් වූ බව කියමින් පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසකට අසාධාරණ ආකාරයට උසස්වීම් ලබා දීමට දේශපාලන පළිගැනීම් සොයා බැලීම සඳහා පත්කළ කොමිසමක් මගින් යෝජනා කර තිබිණි.
මෙම යෝජනාවට පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන්ගේ සිට පහළ ශ්‍රේණියේ නිලධාරින් දක්වා දැඩි විරෝධයක් එල්ල විය.
මෙම උසස්වීම් ලබාදීමේ දී පොලිස් දෙපාර්තමේන්තුව දැඩි පාරිපාලනමය අර්බුදයකට ලක්වන බවට උසස් පොලිස් නිලධාරින් පිරිසක් විසින් පොලිස්පතිවරයාට පෙත්සමක් ඉදිරිපත් කරමින් කියා ඇත.
හේමන්ත රන්දුණු