Divaina - නාකොටික් සමග කුඩු ජාවාරම් කර රට පැන්න - උදාර සම්පත් අල්ලන්න ඉන්ටපෝල් වරෙන්තු

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

nakotic1ඒ. ජේ. ඒ. අබේනායක සහ කශුනි රෙබෙකා

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සමග එක්ව හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම්කොට මේ වන විට විදේශ රටකට පලා ගොස් සැඟවී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කේ. උදාර සම්පත් නමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා වරෙන්තු නිකුත් කිරීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් මොහොමඞ් මිහාල් මහතා ඊයේ (25 දා) නියෝග කළේය.

පොඩි ලැසී නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ සගයකු වන එම සැකකරු අන් අයකුගේ නමින් ලබාගත් විදේශ ගමන් බලපත‍්‍රයක් උපයෝගී කර ගනිමින් විදේශ ගතවී ඇති බව පවසමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කළ ඉල්ලීම සලකා බැලූ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා එම නියෝගය කළේය.

තෙල්වත්ත ආණ්ඩුවත්ත පන්සල පාරේ අංක 6 දරන ලිපිනයේ පදිංචිව සිටි එම නඩුවේ 14 වන සැකකරු ලෙස නම්කර සිටින එම සැකකරු උතුරු තෙල්වත්ත මල්වැන්න ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන ආඩම්බරගේ අෂාන් අල්විස් යන අය නමින් ලබාගත් එන්. 7745881 දරන විදේශ ගමන් බලපත‍්‍රය උපයෝගී කර ගනිමින් 2018.06.29 වැනිදා විදේශගත වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද දිලීප පීරිස් මහතා එහිදී අධිකරණයට කියා සිටියේය.

ඔහුට අමතරව උදාර සම්පත් පේ‍්‍රමසිරි නමැති පොලිස් නිලධාරියා ඇතුළු සැකකාර පොලිස් නිලධාරීන් විසින් මාතර ප‍්‍රදේශයේ සිට ප‍්‍රවාහනය කළ හෙරොයින් අඩංගු පොහොර උර හයක් 2020.04.30 වැනිදා ගල්කිස්ස බඩෝවිට ප‍්‍රදේශයේදී බඩෝවිට ලොකු හෙවත් දලූගොඩ ආරච්චිලාගේ රජිත අසංක යන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට ද අලෙවි කර මුදල් ලබාගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බැවින් බෝට්ටුවක ආධාරයෙන් ඉන්දියාවට පලා ගොස් සිටින ඔහුද අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ඉල්ලා සිටීමට අපේක්‍ෂා කරන බව දිලීප පීරිස් මහතා කියා සිටියේය.

සැකකාර පොලිස් නිලධාරීන් මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනය සඳහා යොදා ගැනීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන රජයේ රස පරීක්‍ෂකවරයා වෙත ඉදිරිපත් කළ පෞද්ගලික වාහන කිහිපයකම මත්ද්‍රව්‍ය ශේෂ අඩංගු බවට වාර්තාවී ඇතැයිද හෙතෙම පැවැසීය. රජයේ රස පරීක්‍ෂකවරයා වෙත ඉදිරිපත් කළ තවත් වාහන කිහිපයක් සම්බන්ධයෙන් මෙතෙක් රස පරීක්‍ෂක වාර්තා නොමැති බවද දිලීප පීරිස් මහතා එහිදී අධිකරණයට කියා සිටියේය.

එබැවින් උදාර සම්පත් නමැත්තා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නියෝගය ජාත්‍යන්තර පොලිසිය හරහා කි‍්‍රයාත්මක කිරීමට ඉංගී‍්‍රසි භාෂාවෙන් නිකුත් කරනා ලෙසටද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම ඇතුළු චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන සිටින පොලිස් නිලධාරීන් 13 දෙනකු හා ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ සිවිල් පුරවැසියන් (බෝට්ටුකරුවන්) 3 දෙනකු ලබන 2 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.

එම නඩුවේ 16 සහ 17 වන සැකකරුවන් වන රනිල් ශ්‍යාමන්ත අප්පුහාමි හා ජනක රුවන් අල්විස් යන දෙදෙනා පී.සී.ආර්. පරීක්‍ෂණ සිදු කිරීමෙන් අනතුරුව ලබන 2 වැනිදා විවෘත අධිකරණයට ඉදිරිපත් කරනා ලෙසටද මහෙස්ත‍්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරිවරයාට ඊයේ නැවත නියෝග කළේය.

එම සැකකරුවන් දෙදෙනා අහිංසක ධීවරයන් බවත් ඔවුන් ගැඹුරු මුහුදේ සිට මත්ද්‍රව්‍ය රැුගෙන ඒමට සහභාගි වී ඇත්තේ මත්ද්‍රව්‍ය නාශක අංශය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකුගේ නියෝගය අනුව බවත් පැවසූ නීතිඥ වසන්ත පිටිගල මහතා එහිදී කළ ඉල්ලීම සලකා බැලූ මහෙස්ත‍්‍රාත්වයා එම නියෝගය කළේය. ඒ සඳහා එම සැකකරුවන් පෙළඹවූ පොලිස් නිලධාරීන් අනාවරණය වීම වැළැක්වීමේ අරමුණින් එම සිවිල් පුරවැසියන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීම වළක්වන බවට තමන් විශ්වාස කරන්නේ යැයි කියා සිටි නීතිඥ වසන්ත පිටිගල මහතා ඔවුන් දෙදෙනා එකී ජාවාරම සම්බන්ධයෙන් දන්නා තොරතුරු රැුසක් ප‍්‍රකාශ ලෙස මහෙස්ත‍්‍රාත්වරයා වෙත ප‍්‍රකාශ කිරීමට අපේක්‍ෂා කරන බවද පැවැසීය.

එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ සැකකාර පොලිස් නිලධාරීන්ට මත්ද්‍රව්‍ය ජාවාරමට සහයදී විශාල වශයෙන් මුදල් උපයාගෙන ඇති බවට සනාථ වීම නිසා බවත් පැවසූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඔවුන් දන්නා සත්‍ය හෙළිකරන්නේ නම් ඔවුන් සම්බන්ධයෙන් සලකා බැලීමේ හැකියාව ඇතැයිද කියා සිටියේය.

දැනට රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් 16 දෙනාට අමතරව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ තවත් නිලධාරීන් 5 දෙනකු සිවිල් පුරවැසියන් 5 දෙනකු හා පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්‍ෂකවරයකු රැුඳවුම් නියෝග මත රඳවාගෙන වැඩිදුරටත් ප‍්‍රශ්න කරනා බවද එහිදී අධිකරණයට පෙන්වාදුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අජිත් පේ‍්‍රමලාල් නමැති පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරියා මෙම නඩුකරයට සමගාමීව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පවරා ඇති නඩුවේ සැකකරුවකු ලෙස නම් කිරීමට පියවර ගන්නා බවද පෙන්වා දුන්නේය.

සැකකරුවන් කිහිප දෙනකු නමින් හා ඔවුන්ගේ ඥාතීන් නමින් මිලදීගෙන තිබූ දේපළ කොළඹ මහාධිකරණය විසින් අත්හිටුවා ඇතැයිද දිලීප පීරිස් මහතා පැවසීය. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පවරා ඇති නඩුවේ සැකකරුවන් ලෙස මේ වන විට 9 දෙනකු නම්කර ඇතැයිද අධිකරණයට පෙන්වා දුන්නේය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. ලලිත දිසානායක මූල්‍ය විමර්ශන අංක 1 ඒකකයේ ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. ජේ.එම්.එම්. ජයසුන්දර ඇතුළු නිලධාරීන් පිරිසක් සමග සහකාර පොලිස් අධිකාරි මෙරිල් රන්ජන් ළමාහේවා මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටියේය.

අජිත් පේ‍්‍රමලාල් නමැති පොලිස් විශේෂ කාර්ය බළකා පොලිස් පරීක්‍ෂකවරයා මාලඹේ ප‍්‍රදේශයේ පිහිටි ඔහුගේ මිතුරකු වන මුස්ලිම් ජාතිකයකු පවත්වාගෙන යනු ලබන සමාගමක රුපියල් විසිපන් ලක්‍ෂයක මුදලක් (2,500,000) සියයට 2.5 මාසික පොලියක් ලබාදීමේ එකඟතාවය මත තැන්පත් කර ඇති බවත් එහිදී විමර්ශන නිලධාරීන් අධිකරණයට පෙන්වාදී තිබිණි. එම පොලිස් නිලධාරියා පදිංචි නිවසට නිරතුරුව මුස්ලිම් ජාතිකයකු ආගිය බවත් එම පුද්ගලයාට අයත් වාහන දෙකක් 2018 වසරේ සිට එම පොලිස් නිලධාරියා භාවිතා කර ඇති බවත් මේ දක්වා ඉදිරිපත්වී ඇති තොරතුරු අනුව හෙළිවී ඇතැයිද එහිදී අධිකරණයට පෙන්වාදී තිබූ විමර්ශන නිලධාරීන් එම නිලධාරියා පදිංචිව සිටින මාලඹේ ප‍්‍රදේශයේ පිහිටි නිවසට ආසන්නයේ අක්කර 01ක පමණ ඉඩමක් එම නිලධාරියා මිලදී ගෙන ඇති බවත් අධිකරණයට පෙන්වා දී තිබිණි.

එම නිලධාරීන් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගෙන ඇති දේපළ අනාවරණය කර ගැනීම සඳහා තවදුරටත් විමර්ශන සිදු කරනා බවද විමර්ශන නිලධාරීහු අධිකරණයට පෙන්වාදී තිබිණි.

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles