Divaina - මැර පිරිසක් වැඩසිටි කන්ද නාහිමි ඝාතනයට තැත් කරලා

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p1 26 4මැර කණ්ඩායමක් ඊයේ (25දා) සවස වැඩසිටි කන්දට පැමිණ තමන් ඝාතනය කර වැඩසිටි කන්ද බලහත්කාරයෙන් අල්ලා ගැනීමට තැත්කළ බව වැඩසිටි කන්ද විහාරාධිපති ශාස්ත‍්‍රපති හීල්ලේ ඤාණානන්ද නාහිමියෝ ‘දිවයින’ට පැවසූහ.

තමා මේ ගැන දුරකථනයෙන් පොලිසියට පැමිණිලි කළ පසු පොලිසියෙන් පැමිණි බවත් එම මැර පිරිස වාහනවලින් පලායෑමට උත්සාහ කරද්දී පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බවද උන්වහන්සේ සඳහන් කළහ.

මේ සිද්ධිය වූයේ ඊයේ සවස 3.45 ට 4.00 ට පමණ බවද ඔවුන් සතුව අවි ආයුධ තිබූ බවද ඥානානන්ද හිමියෝ ප‍්‍රකාශ කළහ.

පන්සලේ සිටින ලියන මහතාට සහ ආරක්‍ෂාවට සිටි රාලහාමිට ද මේ මැර පිරිස පහර දී ඇති බව උන්වහන්සේ සඳහන් කළහ.

මේ අය උත්සාහ කළේ මැර බලයෙන් වැඩහිටි කන්ද බලහත්කාරයෙන් මේ අයගේ ග‍්‍රහණයට ගැනීමට බවද එම පිරිස සමග භික්ෂූන් වහන්සේලා පිරිසක් ද පැමිණි බව ද වැඩහිටි කන්ද විහාරාධිපති හීල්ලේ ඥානානන්ද නාහිමියෝ තවදුරටත් ‘දිවයින’ට පැවසූහ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

p1 26 5
 

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles