Divaina - කොරෝනා සුව වී වාසු ගෙදර යයි - ආසාදිතයන් වැඩි පිරිසකට වෛරසය පැමිණි මූලාශ‍්‍ර රහසක්

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
p1 25 4 * ඊයේ 423ක් සුවය ලබති
 
 * වටරැක මංගල උත්සව දෙකක මනාල යුවළ 2කට කොරෝනා
 
 *පවුල් සියයක් නිරෝධායනයට: ආසාදිතයෝ 12ක්
 
 * අනුරාධපුර දේවානම්පියතිස්සපුරට සංචරණ සීමා
 
 සමන් ගමගේ සහ සිරිමන්ත රත්නසේකර
 
 කොරෝනා වෛරසය ආසාදනය වී කොග්ගල ප‍්‍රදේශයේ හෝටලයක ප‍්‍රතිකාර ලබමින් සිටි ජලසම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර මහතා ඊයේ (24දා) සුවය ලබා නිවසට ගොස් තිබිණි.
 
 එසේ නිවසට පැමිණියද තවත් සතියක කාලයක් නිවස තුළ නිරෝධායනයට යොමුවන ලෙස සෞඛ්‍ය අංශ ඇමැතිවරයාට උපදෙස් දී ඇතැයිද අනාවරණය විය.
 
 දින කිහිපයක් තිස්සේ හත්සියය ඉක්මවූ ආසාදිතයන් පිරිසක් අඛණ්ඩව දෛනිකව වාර්තා වෙද්දී මේ වන විට යළිත් මෙරට සියලූම දිස්ති‍්‍රක්කවලින් කොරෝනා ආසාදිතයන් හමුවෙමින් තිබෙන බව ජාතික කොරෝනා මර්දන ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය ස`දහන් කරයි.
 
 මෙහිදී ආසාදිතයන් වැඩි දෙනකුට වෛරසය ආසාදනය වූ මූලශ‍්‍රය හ`දුනාගත නොහැකි තත්ත්වයක් ඇතිවී තිබීමද විශේෂත්වයකි. දෛනික වාර්තා අනුව පෙරේදා (23 වැනිදා) දිනයේ මෙරටින් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයන් ගණන 724 කි.
 
 එහිදී වැඩිම සංඛ්‍යාව ලෙස කොළඹ දිස්ති‍්‍රක්කයෙන් ආසාදිතයන් 197 දෙනකු හ`දුනාගෙන ඇති අතර දෙවැනි වැඩිම ආසාදිත පිරිස ලෙස මහනුවර දිස්ති‍්‍රක්කයෙන් ආසාදිතයන් 110 දෙනකු හ`දුනාගෙන තිබිණි.
 
 අනෙකුත් ආසාදිතයන් රටේ සෙසු දිස්ති‍්‍රක්ක 23 තුළින් හ`දුනාගෙන ඇත. එසේම පෙරේදා දිනයේ ගල්කිස්ස ප‍්‍රදේශයේ 69 හැවිරිදි පිරිමි පුද්ගලයකු හා රණාල ප‍්‍රදේශයේ 89 හැවිරිදි කාන්තාවක් කොරෝනා වෛරසය ආසාදනය වී මරණයට පත් වූ බව වාර්තා වීමත් සම`ග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව ද 280 දක්වා ඉහළ ගියේය.
 
 මේ අතර ඊයේ (24 වැනිදා) පස්වරු 6.00 පමණ වන විට තවත් කොරෝනා ආසාදිතයන් 349 හ`දුනාගත් බව ජාතික කොරෝනා මර්දන කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.
 
 එම ආසාදිතයන් පිරිසත් සම`ග මේ දක්වා මෙරටින් හ`දුනාගෙන ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාවද 58,000 සේ සීමාවට ආසන්න වෙමින් 57,936 ක් දක්වා ඉහළ ගියේය.
 
 එසේම කොරෝනා වෛරසය ආසාදනය වී මෙරට තුළ රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටි රෝගීන් අතරින් තවත් 423 දෙනකු පූර්ණ සුවය ලබා ඊයේ රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය ස`දහන් කළේය.
 
 ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප‍්‍රතිකාර ලැබීමෙන් පසු මේ දක්වා පූර්ණ සුවය ලබා පිටව ගිය පිරිසද පනස්දහසේ සීමාවට ආසන්න විය. එම ගණන 49,684 ක් බව සෞඛ්‍ය අංශ ස`දහන් කළේය.
 
 කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් ආසාදිතයන් 7972 දෙනකු රෝහල්ගතව වැඩිදුර ප‍්‍රතිකාර ලබමින් සිටින බවද ස`දහන් විය.
 
 පෑලියගොඩ මත්ස්‍ය වෙළෙ`ද සංකීර්ණ කොරෝනා පොකුරත් සම`ග ශීඝ‍්‍ර ලෙස රට පුරා ව්‍යාප්ත වෙමින් ඇතිවී තිබෙන කොරෝනා වසංගත තත්ත්වය හමුවේ තවත් විශේෂිත සිදුවීමක් ඊයේ (24 වැනිදා) හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප‍්‍රදේශය තුළින් වාර්තා විය.
 
 එම බල ප‍්‍රදේශයට අයත් පාදුක්ක වටරැුක ප‍්‍රදේශයේ සහ හෝමාගම පිටිපන ප‍්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සව දෙකකම මනාල යුවළ දෙක කොරෝනා ආසාදිතයන් බවට පසුව හ`දුනාගෙන තිබීම එය විය.
 
 මෙහිදී පාදුක්ක වටරැුක ප‍්‍රදේශයේ විවාහ මංගල උත්සවය දින තුනක් සමරා ඇති අතර ඉන් එක් උත්සවයක් සෞඛ්‍ය බලධාරීන්ගේ අවසරයකින් තොරව නිවසක පවත්වා ඇති බව ප‍්‍රදේශයේ සෞඛ්‍ය අංශ නිලධාරියෙක් ස`දහන් කළේය.
 
 එම උත්සව අවසානයේ නුවරඑළිය ප‍්‍රදේශයට ගිය මනාල යුවළ එහි හෝටලයක නවාතැන් ගෙන සිටියදී ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් සිදු කළ පී. සී. ආර්. පරීක්‍ෂණයකින් පසුව දෙදෙනාටම කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබේ.
 
 මේ හේතුවෙන් ඔවුන්ගේ විවාහ සැමරුම් උත්සවවලට පැමිණි පවුල් සියයක පුද්ගලයන් නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය අංශ පරීක්‍ෂණ අරඹා තිබිණි.
 
 අනෙක් විවාහ උත්සවය හෝමගම පිටිපන ප‍්‍රදේශයේ උත්සව ශාලාවක පවත්වා ඇති අතර එහිදී මනාල යුවළට ඇති වූ රෝග තත්ත්වයක් හේතුවෙන් සිදු කළ පී. සී. ආර්. පරීක්‍ෂණයකින් පසුව එම යුවළටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි අනාවරණය වී ඇත.
 
 පසුව එම යුවළ අතරින් මනාල පාර්ශ්වයේ අමුත්තන් 25 දෙනකුට සිදු කළ පී. සී. ආර්. පරීක්‍ෂණ මගින් තවත් ආසාදිතයන් 12 දෙනකු හ`දුනාගත් බවද සෞඛ්‍ය අංශ ස`දහන් කරයි.
 
 මේ අතර අනුරාධපුර දිස්ති‍්‍රක්කයෙන් මෙතෙක් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් ගණන 181 දක්වා ඉහළ යද්දී අනුරාධපුර දේවානම්පියතිස්සපුර ප‍්‍රදේශයෙන් ඊයේ තවත් ආසාදිතයන් 10 දෙනකු වාර්තා වී තිබිණි.
 
 මේ සම`ගම දේවානම්පියතිස්සපුර ප‍්‍රදේශයට වහාම සංචරණ සීමා පැනවීමටද සෞඛ්‍ය අංශ පියවර ගනු ලැබීය. එසේම මෙතෙක් ආසාදිතයන් වාර්තා නොවූ අනුරාධපුර බන්ධනාගාරයෙන්ද ඊයේ වන විට එක් ආසාදිතයකු වාර්තා වී ඇත. මේ සම`ග එම ආසාදිතයාගේ සමීප ආශි‍්‍රතයන් වූ රැු`දවියන් තිදෙනකු නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය උපදෙස් අනුව බන්ධනාගාර ප‍්‍රධානීන් කටයුතු කර ඇත.
 

 

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles