Divaina - ඔක්ස්ෆර්ඞ් ඇස්ට‍්‍රා සෙනෙකා කොරෝනා එන්නත ලබා දීම 28 දා සිට ආරම්භ කරනවා - රාජ්‍ය ඇමැති චන්න ජයසුමන

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p1 25 6චතුර පමුණුව

ඔක්ස්ෆර්ඞ් ඇස්ට‍්‍රා සෙනෙකා කොරෝනා මර්දන එන්නත ලබා දීම බ‍්‍රහස්පතින්දා (28දා) සිටම ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ඖෂධ නිෂ්පාදන සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

මෙම එන්නත් තොගය ලබන බදාදා ඉන්දියාවෙන් මෙරටට ලැබීමට නියමිතය. එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරෙන ප‍්‍රමුනතා අනුපිළිවෙළ සම්බන්ධයෙන්ද මහාචාර්ය චන්න ජයසුමන මහතා මෙරට රූපවාහිනි සේවයක් සමග සම්බන්ධ වෙමින් මෙලෙස පැහැදිලි කර සිටියේය.

‘‘මේ එන්නත් ලක්ෂ 5ම ප‍්‍රදානයක් හැටියට ලැබෙන්නේ. ඒ සඳහා කිසිදු මුදලක් වැය වන්නේ නෑ. අවුරුදු 18ට වැඩි අයට තමයි මේ එන්නත ලබාදීමේ ප‍්‍රයෝජනයක් තියෙන්නේ. අපේ රටේ 18ට වැඩි ජනතාව සමස්ත ජනගහනය තුනෙන් දෙකකට ආසන්න ප‍්‍රමාණයක් ඉන්නවා. ඒ අනුව තමයි 65% කියන ඉලක්කය අපිට ලැබුණේ. අපි එන්නත පළමුවෙන් ලබා දෙන්නේ ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන් සඳහා. ඊට පස්සේ ත‍්‍රිවිධ හමුදාවට සහ පොලිසියට. ඉන්පසු අවුරුදු 60ට වැඩි බෝ නොවන රෝග තියෙන අයට. කිසිම අවස්ථාවක අනුපිළිවෙළෙන් පිට කටයුතු කරන්න ඉඩ තියන්නේ නෑ. මුදලට හෝ බලයට පෝළිමෙන් පිට පැනලා එන්නත් ලබා ගන්න අවස්ථාවක් නෑ.’’
 

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles