Divaina - නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙනවාට එකඟ වෙන්න බෑ... මෛත‍්‍රිපාල සිරිසේන කියයි

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 ආර්.ඒ.එස්. පේ‍්‍රමතිලක - බණ්ඩාරගම
 
 myte134iiiවරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දීම සම්බන්ධයෙන් පක්‍ෂයක් විදිහට කොහෙත්ම එක`ග වෙන්න පුළුවන්කමක් නැතැයි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පැවැසීය.
 
 ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (22 දා* පෙරවරුවේ වාද්දුව ශී‍්‍ර සමුද්‍රාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිවන චෛත්‍ය රාජයාණන් වහන්සේට මුල්ගල තැබීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ඉදිරියේදී මොනවගේ බලපෑමක් කරන්නේ දැයි මාධ්‍යවේදීන් නැ`ගූ පැනයට පිළිතුරු ලබාදෙමිනි.
 
 හිටපු ජනාධිපතිවරයා මෙසේද පැවසීය.
 
 මේ තත්ත්වය මම දන්නේ අවුරුදු 4ක කාලයේ සිටයි. මම ජනාධිපති ධුරය දරන කාලෙත් මේ වරාය ඉල්ලූවා. වරායට ලොකු අඩුවක් බටහිර පර්යන්තය. එවකට ඉන්දියාව සහ ජපානය ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙසින් නැගෙනහිර පර්යන්තය ඉල්ලූවා. මම බොහොම පැහැදිලිව ඒ රටවල නායකයන්ට කිව්වා ඔබතුමාලාට මුදල් තියෙනවා, ඒ නිසා පුළුවන්නම් අඩුවක්ව පවතින බටහිර පර්යන්තය හදලා දෙන්න කියලා.
 
 මගේ ආණ්ඩුව කාලෙත් යම් යම් පාර්ශ්වයන් මේ සම්බන්ධයෙන් උනන්දුවක් තිබ්බා. මම බොහොම අමාරුවෙන් ඒක පාලනය කරගන්න උත්සාහ කළා. ඒ වගේම වරාය සේවකයන් තුන්දාහකට ආසන්න පිරිසක් සහභාගිවූ රැුස්වීමේදී මම ප‍්‍රතිඥාවක් දුන්නා කොහෙත්ම නැගෙනහිර පර්යන්තය දෙන්න මම ඉඩදෙන්නේ නැහැ කියලා. ඒ මගේ ප‍්‍රතිපත්තිය. මම ඒ කාලෙත් කිව්වා. මම ඒ ප‍්‍රතිපත්තියේ ඉන්නේ. ඒ නිසා නැගෙනහිර පර්යන්තය දීම සම්බන්ධයෙන් කොහෙත්ම එක`ග වෙන්න බැහැ. පක්‍ෂයක් විදිහට ඒක සුදුසු නැහැ කියලා කියන මතයේ අපි ඉන්නවා යැයි හිටපු ජනපතිවරයා පැවසීය.
 

 

kandos18

අද දිවයින

සිනමා කලා

bs250

නවලිය

ksugewa250

දියග

karunaratne250

මීවිත

janith250

More Articles