Divaina - කොවිඞ් හැදුණු දින 21 ක බිලිඳකු ආදාහනය කිරීම: ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නවාස් නඩුවෙන් ඉවත්වෙයි

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 ඒ. ජේ. ඒ. අබේනායක
 
court1135 ‘කොවිඞ් 19’ රෝගය ආසාදනය වී ඇතැයි පෙන්වා දෙමින් තමන්ට නිසි දැනුම් දීමකින් තොරවම ෂෙයික් ෆායිස් නමැති දින 21 ක් වයසැති සිය බිළිඳාව ආදාහනය කළ සෞඛ්‍ය බලධාරීන්ට එරෙහිව විමර්ශනයක් සිදුකරන ලෙසට නියෝගයක් කරන්නැයි ඉල්ලා මට්ටක්කුලිය ප‍්‍රදේශයේ පදිංචි යුවළක් විසින් ගොනුකර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමේ කටයුත්තෙන් පෞද්ගලික හේතුන් මත තමා ඉවත්වන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ. එච්. එම්. ඞී. නවාස් මහතා ඊයේ (22 දා* දැනුම් දුන්නේය.
 
 එම මූලික අයිතිවාසිකම් පෙත්සම ප‍්‍රියන්ත ජයවර්ධන, එල්. ටී. බී. දෙහිදෙණිය, යසන්ත කෝදාගොඩ හා ඒ. එච්. එම්. ඞී. නවාස් යන සිවු පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි. එම පෙත්සම සලකා බැලීම සඳහා ලබන මාර්තු 29 වැනිදා යළි කැඳවීමට දින නියම කළ විනිසුරු මඬුල්ල එදින විනිසුරු ඒ. එච්. එම්. ඞී. නවාස් මහතා නොමැති විනිසුරු මඬුල්ලක් පත් කරන ලෙසට අගවිනිසුරුවරයාට දැනුම් දෙන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට‍්‍රාර්වරයාට නියෝග කළේය.
 
 2020 නොවැම්බර් 18 වැනිදා කොළඹ ද සොයිසා රෝහලේදී උපන් සිය බිළිඳා හදිසි රෝග තත්ත්වයක් නිසා රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කළ බවත්, එහිදී මියගොස් තිබූ බවත්, කොරෝනා වසංගතයට ගොදුරුවුවකු ලෙස සලකා ආදාහනය කර තිබූ බවත් සිය පෙත්සම මගින් සඳහන් කර තිබූ පෙත්සම්කරුවන් එකී රෝගය වැළඳුන බවට සනාථ කළ හැකි කිසිදු වෛi වාර්තාවක් තමන්ට ලබා නොදීම අනුව ඒ සම්බන්ධයෙන් දැඩි සැකයක් මතු වී ඇතැයි අධිකරණයට සඳහන් කර තිබිණි.
 
 එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය ඇමතිනි පවිත‍්‍රා වන්නිආරච්චි, රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛi අසේල ගුණවර්ධන, රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්‍ෂ වෛi ජී. විජේසූරිය ඇතුළු පිරිසක් නම් කොට තිබිණි.
 
 කොරෝනා වසංගතයට ගොදුරුවී මියයන පිරිසගේ අවසන් කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනටමත් තීන්දුවක් ලබා දී ඇති බැවින් එම පෙත්සම සම්බන්ධයෙන් සීමිත මූලික විරෝධතා ගොනුකරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණයට දැනුම් දුන්නේය.
 
 ඉදිරි සති හයක කාලය ඇතුළත එකී සීමිත විරෝධතා ගොනුකරන ලෙස නීතිපතිවරයාට නියෝග කළ විනිසුරු මඬුල්ල ඒ සම්බන්ධයෙන් ප‍්‍රතිවිරෝධතා එකී සති හයක කාලය අවසන් වී සතියක් ඇතුළත ගොනුකරන ලෙස පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කළේය.

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles