Divaina - මහර බන්ධනාගාර අධිකාරිගේ සේවය අත්හිටුවයි

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 සමන් ගමගේ
 
mmmm වහාම කි‍්‍රයාත්මක වන පරිදි මහර බන්ධනාගාරයේ අධිකාරි ජගත් චන්දන වීරසිංහ මහතාගේ සේවය අත්හිටුවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
 
 එම වැඩතහනමට අදාළ ලිපිය ඊයේ (22 වැනිදා* බන්ධනාගාර අමාත්‍යාංශය වෙත යොමු කළ බව මේ සම්බන්ධයෙන් සිදු කළ විමසීමකදී බන්ධනාගාර මූලස්ථානයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.
 
 කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුවියක වෑන් රථයකින් පැහැරගෙන ගොස් අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දඬුවම් නියම වී මහර බන්ධනාගාරයේ රඳවා සිටින රැුඳවියකු හමුවීමට සිය අභිමතය පරිදි අමුත්තකු බන්ධනාගාරය තුළට යැවීමේ සිද්ධියක් හේතුවෙන් සිදු කෙරුණු පරීක්‍ෂණයකින් පසු මෙම වැඩ තහනම් කිරීම සිදු කර ඇත.
 
 පවතින සෞඛ්‍ය නීති රීති යටතේ බන්ධනාගාර රැුඳවියන් බැලීමට අමුත්තන් පැමිණීම අත්හිටුවා තිබියදී මහර බන්ධනාගාර අධිකාරිවරයා විසින් අදාළ පුද්ගලයා බන්ධනාගාරයට යවන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබිණි.
 
 අධිකාරිවරයාගේ නියෝග මත එසේ බන්ධනාගාරයට පැමිණි පුද්ගලයා පරීක්‍ෂා කිරීමේදී බන්ධනාගාරගත රැුඳවියාට ලබා දීම සඳහා රැුගෙනවිත් තිබූ ජංගම දුරකථන තුනක් අත්අඩංගුවට ගැනීමට බන්ධනාගාර නිලධාරීහු සමත් වූහ.
 
 එසේ ජංගම දුරකථන තුනක් හසුවීමේ සිද්ධියත් සමග බන්ධනාගාර අධිකාරිවරයා සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ විය.
 

 

kandos18

අද දිවයින

සිනමා කලා

bs250

නවලිය

ksugewa250

දියග

karunaratne250

මීවිත

janith250

More Articles