Divaina - ඉන්දියාව බැලන්ස් කරන්න ඔච්චරම ඕන නම් බටහිර ජැටියේ කොටසක් බදු දෙන්න... නැගෙනහිර ජැටිය පාවා දුන්නු ආණ්ඩුව බිහිකළ හාමුදුරුවරු ලෙස ඉතිහාසයේ ලියැවෙන්න අපි ලෑස්ති නෑ

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

මහා සංඝරත්නය සහ ජනතා  විරෝධය ප‍්‍රබලයි  ජනාධිපතිතුමනි මේක  අතහැරලා දාන්න
 
එරික් ගාමිණී ජිනපි‍්‍රය

agalakakda222
  මහා සංඝරත්නය සහ ජනතාව විරුද්ධ බැවින් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමේ අදහස අත්හැර දමන ලෙසත්, ඉන්දියාව බැලන්ස් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා කොළඹ වරායේ බටහිර පර්යන්තයේ කොටසක් බද්දට ලබාදෙන ලෙසත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පැවසූූහ.
 
 උන්වහන්සේ එසේ පැවසුවේ පෙරේදා (21 දා* ජාතික සංවිධාන එකමුතුව විසින් ‘ඉස්ලාම් අන්තවාදයට යට නොවනු - ජාතික සම්පත් අන්සතු නොකරනු’ යන තේමාව යටතේ සංවිධානය කර තිබූ සමුළුවේදීය. එහිදී ජාතික සංවිධාන එකමුතුවේ කොළඹ කලාපයේ නායකයා ලෙස විශේෂඥ වෛද්‍ය අශෝක කමලදාස මහතා පත්කර ගනු ලැබූ අතර එහිදී මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ වැඩිදුරටත් මෙසේ ද පැවසූහ.
 
 ‘‘අපි හිතාගෙන සිටියේ මෙම වේදිකාවට ගොඩවෙන්න තවත් අවුරුදු 10 ක් හෝ 5 ක් යාවි කියලා. මෙම වේදිකාවට මෙතරම් ඉක්මනින් ගොඩවීමට සිද්ධ වූයේ ඇයි කියන එක අපි කවුරුත් අඩු වැඩි වශයෙන් දන්නවා. පළමුවෙන්ම කියන්න ඕනි අපි මෙම සම්මන්ත‍්‍රණ අමතන්නේ ආණ්ඩු විරෝධීන් ලෙස නොවන බව. අපි මෙම කටයුත්ත කරන්නේ 69 ලක්ෂයේ අරමුණට පණ දෙන්න.
 
 අපේ ඉලක්කය පුද්ගල බද්ධ ලෙස කල්පනා කරලා පවරලා දෙන්න බෑ. අපේ ඉලක්කයට යන ගමනේ දී ඔහු අපි පත්කළ නායකයාද, ඔහු අපේ ගෞරවය දිනා ගත්ත නායකයා ද කියන එක අපි කල්පනා කරන්නේ නෑ. අපි පුද්ගල බද්ධව සිතන්නේ නෑ. අපි වියුක්තව සිතන්නේ රටට කොතරම් හිතවත්ද කියන එක තමයි.
 
 මෙම රැස්වීම පැවැත්වීමේ එක අරමුණක් තමයි ඉස්ලාම් අන්තවාදය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම. පාස්කු දින බෝම්බ පිපිරීමත් සමග ඉස්ලාම් අන්තවාදය අවසන් කියලා යමෙක් සිතනවා නම් ඊට වඩා මෝඩ සිතිවිල්ලක් තවත් නැහැ. එම අන්තවාදයේ ආරම්භය පමණයි අපි පාස්කු දින බෝම්බ ප‍්‍රහාරයෙන් අත්වින්ඳේ. නොවැම්බර් 16 ජනවරමේ එක් අරමුණක් තමයි ආගමික අන්තවාදී ප‍්‍රහාර නැවත ඇති නොවන පසුබිමක් නිර්මාණය කර ගැනීම.
 
 ඒ සඳහා බුද්ධි අංශ ශක්තිමත් කිරීම සහ අන්තවාදීන් නිරායුධ කිරීම ප‍්‍රමාණවත් කියලා සිතනවා නම් ඒක ලොකු වැරැුදීමක්. එම අන්තවාදය පෝෂණය කරන සකල විධ මූලාශ‍්‍රයන් හඳුනාගෙන එම මූලාශ‍්‍රයන් විනාශ කිරීමෙන් පමණයි එම අන්තවාදයට මුහුණ දීමට හැකි වන්නේ. එම අන්තවාදය පෝෂණය කරන මද්‍රසා පාසල් ඉදිරියේ දී නියාමනය කිරීමට සූදානම් වන්න ඉඩ තිබෙනවා. වැරැුද්ද නීතිගත කිරීමට සූදානම් වන්න ඉඩ තිබෙනවා.
 
 ආගමික අන්තවාදීන් නිර්මාණය කරන මූලධර්මවාදීන් තවමත් පාලනයකට හසුකරගෙන නෑ. රටකට තිබෙන්න ඕන එක අධ්‍යාපනයයි එක නීතියයි. මේ දවස්වල කාති උසාවිවලට බඳවා ගැනීම් පිළිබඳව කතා වෙනවා. භාෂාව ජාතිය පදනම් කරගෙන උසාවිවලට තනතුරු පත්කිරීම හරහා සිදු වන්නේ අන්තවාදය නැතිවීමද පෝෂණය වීමද සිදුවන්නේ කියන එක අපි කල්පනා කළ යුතුයි.
 
 ගෝඨාභය ජනාධිපතිතුමා රටට ජාතියට ආදරෙයි කියන එක හොඳටම විශ්වාසයිනේ. අපි කවුරුත් කතා කරන්නේ ඒක අමතක කරලා නොවෙයි නේ. ඔබ එදා ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡුන්දය දුන්නේ මේ වැඬේ කරන්න ඉන්න සුදුසුම පුද්ගලයා ලෙස සලකා නේද? එම පුද්ගලයාත් යම් පුද්ගලයන්ගේ හැසිරීම්වලට යටත්
 
 කරගන්න උත්සාහ කෙරෙනවා නම් ඒ කියන්නේ අපිට වැරැුදිච්ච තැනක් තිබෙනවා කියන එක නේද? එම නිසා අපි කවුරුන් හෝ බලයට පත් කිරීමෙන් පමණක් රට රකින්න බැහැ කියන අවබෝධය ඇති කර ගත යුතුයි. එම නිසා පක්ෂ මාරු කරලා පාට මාරු කරලා පුද්ගලයන් පුටුවලට ගේන්නේ නැතිව අපි ජනතාව ඥානනය කරලා ජාතිකත්ව චින්තනය ඉදිරියට රැුගෙන යා යුතුයි. ජාතිකත්ව චින්තනය ශක්තිමත් කරලා ඉදිරියට ගෙන ගියේ නැතිනම් සතුරා පියවරෙන් පියවර ඉදිරියට එනවා.
 
 මෙම ප‍්‍රශ්නය පිළිබඳව මමත්, තවත් හාමුදුරුවරු පිරිසකුත් ජනාධිපතිතුමා සමග සාකච්ජා කළා. එම අවස්ථාවේදී ජනාධිපතිතුමා කිව්වා පසුගිය ආණ්ඩුව අවබෝධතා ගිවිසුමකට එහා ගිය ගිවිසුමක් අත්සන් කරලා තිබෙන නිසා මෙය කිසියම් හවුල් ව්‍යාපාරයක් ස්වරූපයෙන් කොටස් ආයෝජනයක් ලෙස ගෙන එන ලෙස ඉන්දීය අගමැතිතුමාට යෝජනා කළ බව.
 
 නමුත් අපි නොවැම්බර් 16 ජනවරමින් කිව්වේ අවාසිය වළක්වා ගැනීම සඳහා කටයුතු කරන්න කියන එක තමයි. අපේ ජන නායකයන් තේරුම්ගත යුතුයි අපව ආක‍්‍රමණය කිරීමට බලන් ඉන්න රටවල් අපි මොනවා දුන්නත් තෘප්තිමත් නොවන බව. ඉන්ධන දාලා ඉන්ධන සතුටු කරන්න බැහැ වගේ වරායක් දීලා තෙල් ටැංකි දීලා අධිරාජ්‍යවාදී රටවල් සතුටු කිරීමට බැහැ. එම නිසා අපි තේරුම් ගත යුතුයි අපි ගොදුරුවීමට ඉලක්කගතව ඉන්න පිරිසක් බව. ලංකාවේ පිහිටීම අපේ වාසනාවක් වගේම අවාසනාවක් බවටත් පත්වී තිබෙනවා.
 
 අපේ රට ඉන්දියාවේ ප‍්‍රාන්තයක් ද? ඒ රටේ ඉඳලා එන හැම ඇච්ච බැච්චම කියන්නේ 13 වැනි සංශෝධනය කි‍්‍රයාත්මක කරන්න කියල. ඔවුන් නියෝජනය කරන්නේ බෙදුම්වාදීන් විතරද? ඔවුන්ට පේන්නේ නැද්ද ඇත්තම සුඵ ජාතිය සිංහලයන් බව. ඉන්දියාවේ ඉන්න දෙමළ ජනතාවයි ලංකාවේ ඉන්න දෙමළ ජනතාවයි එකතු කළ විට සිංහලයන් සුළු ජාතියක් නොවෙයි ද ? 13 සම්පූර්ණයෙන් කි‍්‍රයාත්මක කළ විට ඔවුන්ට පුළුවන් තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් මේ භූමිය යොදා ගන්න.
 
 ඉන්දියාව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයම ඉල්ලන්නේ ඇයි? ඒ සඳහා කාරණා කිහිපයක්ම තිබෙනවා. හම්බන්තොට වරාය චීනයට දුන්නු නිසා එය බැලන්ස් කිරීම සඳහා නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්න වෙනවලූ. අපේ රටේ ආර්ථික අභිවෘද්ධියක් අපේක්ෂා කරනවා නම් ඒ සඳහා තිබෙන්නේ නැගෙනහිර පර්යන්තය තමයි. එමනිසා එය ඉන්දියානු සමාගමකට නොදිය යුතුයි.
 
 ඒ වගේම එම ලබාදෙන ක‍්‍රමයත් ගැටලූවක්. ආණ්ඩුව කියන්නේ බදු දෙන්නෙත් නෑ විකුණන්නෙත් නැහැ කියලා. විකුණන්නෙත් නැතිනම් බදු දෙන්නෙත් නැතිනම් අපි බලන්න ඕන කොහොමද දෙන්නේ කියලා.
 
 මෙය අපේ ජාතියේ ඉරණම තීරණය කරන අවස්ථාවක්. එම නිසා කොළඔ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීමේ සැලසුම හකුලා ගන්න කියලා අපි ආණ්ඩුවට කියනවා. එය අපි සියලූ දෙනාගේ ආශිර්වාදයෙන් බලයට ආපු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාලයේ සිද්ධ වෙනවා නම් ඊට වඩා අවාසනාවක් නැහැ.
 
 නුවර යුගයේ සිටිය කොබ්බෑකඩුව හාමුදුරුවන්ගේ නම ඉතිහාසයේ ලියවුණේ දේශද්‍රෝහීන්ට උදව් කළ හාමුදුරු කෙනකු ලෙස. එමනිසා අභයතිස්ස හාමුදුරුවෝ, ඕමාරේ කස්සප හාමුදුරුවෝ, ඉන්්ද්‍රසාර හාමුදුරුවෝ, කිරම විමලජෝති හාමුදුරුවෝ වගේම මෙම අවස්ථාවට සහභාගි වන නොවන සියලූ හාමුදුරුවරුම ලංකාවට තිබුණු නැගෙනහිර ජැටිය ඉන්දියාවට සදාකාලයටම පාවා දුන්නු ආණ්ඩුව බිහිකළ හාමුදුරුවරු ලෙස ඉතිහාසයේ ලියැවෙනවා නම් අපි එම ඉතිහාසයට මොකද්ද කියන්නේ. එම ඉතිහාසයේ කොටස්කරුවන් වෙන්න අපි ලැස්ති නැහැ. එම නිසා ජනාධිපතිතුමනි අපි ආදරයෙන් කියන්නේ මහා සංඝරත්නය විරුද්ධයි, ජනතා විරෝධය ප‍්‍රබලයි එමනිසා මේක අතහැරලා දාන්න.

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles