Divaina - හම්බන්තොට අසරණ ගොවීන්ගේ හඬ සාධාරණයි.. මේ වැඩේට හරහට ඉන්නේ යහපාලනයෙන් ආ නිලධාරීන්

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

නෝමන් පලිහවඩන

naamol222තමන්ගේ අයිතීන් වෙනුවෙන් හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ගොවි ජනතාව නඟන හඬ සාධාරණ බව තමාට පෙනී යන්නේ යැයි ක‍්‍රීඩා ඇමැති නාමල් රාජපක්‍ෂ මහතා ‘දිවයින’ ට ඊයේ ප‍්‍රකාශ කළේය.
 
 මහා පරිමාණයෙන් අක්කර විශාල ප‍්‍රමාණයක් අත්පත් කරගෙන සිටින උදවිය සිටියදී හම්බන්තොට අහිංසක ගොවීන් වෙනුවෙන් අක්කරයක් දෙකක් ලබා ගැනීමට ඉඩක් නොදෙන නිලධාරි පැළැන්තියේ පසුබිම සොයා බලද්දී ඔවුන් යහපාලන ආණ්ඩුවෙන් එදා බලයට පැමිණි උදවිය බව අප අමතක කළ යුතු නැතැයි ද කීවේය.
 
 ගොවියත්, ගැමියත්, අලියත් රැුකෙන පරිදි ඉඩම් කළමනාකරණය පිළිබඳව ගැසට් පත‍්‍රයක් දැනටමත් සකස් කරගෙන තිබෙන අතර ඉදිරි දින කීපය ඇතුළත හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ අහිංසක ගොවියාට යහපත් ජන ජීවිතයක් ගොඩනැඟීමට අවස්ථාව ලැබෙන බව ද නාමල් රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.
 
 යහපාලන ආණ්ඩුවේ නිලධාරීන්ට කිසිම මොහොතක ඔවුන්ගේ අරමුණු ඉටුකර ගැනීමට ඉඩ නොදීමට ක‍්‍රියා කිරීම වැදගත් යැයි ද අහිංසක ගොවියාගේ, ගැමියාගේ බලාපොරොත්තු ඉටුකර දීම තමාගේ මූලික අරමුණ යැයි ද නාමල් රාජපක්‍ෂ මහතා කීවේය.
 

 

kandos18

අද දිවයින

සිනමා කලා

bs250

නවලිය

ksugewa250

දියග

karunaratne250

මීවිත

janith250

More Articles