- පෙත්සම ගැන සලකා බැලීම ජුනි 09 වැනිදා
ඒ. ජේ. ඒ. අබේනායක
බුද්ධ ශාසන හා ආරක්ෂක අමාත්‍යාංශ ජනාධිපතිවරයා යටතේ තබා නොගැනීමෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට නිගමනය කරන ලෙස ඉල්ලා නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා විසින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ලබන ජුනි 9 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (18දා) දින නියම කළේය.
එම මූලික අයිතිවාසිකම් පෙත්සම එල්. ටී. බී. දෙහිදෙණිය සහ එස්. තුරෙයිරාජා යන විනිසුරු මඩුල්ල හමුවේදී කැඳවිණි.
මේ වනවිට 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ඇති බැවින් බුද්ධ ශාසන හා ආරක්ෂක අමාත්‍ය ධුර ජනාධිපතිවරයා යටතේ තබා ගැනීමේ නීතිමය අවශ්‍යතාවයක් නොමැති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හේරින් පුල්ලේ මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යන කරුණු දෙක මුල්කරගෙන ඉදිරි දිනයේදී කරුණු තහවුරු කිරීමමට අවධානය යොමුකරන ලෙස ද විනිසුරු ම`ඩුල්ල පෙත්සම්කාර නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතාට දැනුම් දුන්නේය.
- Hits: 317