Divaina - කාර්ය මණ්ඩලයේ 8කට කොරෝනා - සෞඛ්‍ය අමාත්‍යාංශයේ අංශ දෙකක් වසයි

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

covid19ඒමන්ති මාරඹේ

කොරෝනා ආසාදිත කාර්ය මණ්ඩල සාමාජිකයන් කිහිප දෙනකු හඳුනා ගැනීම හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අංශ දෙකක් ඊයේ (18දා) දිනයේ වසා දැමූ බව අමාත්‍යාංශ ආරංචි මාර්ග පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සේවා -.1 සහ විභාග යන අංශ දෙක මෙසේ වසා දමා ඇති අතර එම අංශ දෙකෙහි සේවය කරන කාර්ය මණ්ඩල සාමාජිකයන් 06 දෙනකුට පමණ පී.සී.ආර්. පරීක්ෂණවලදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගැනීම හේතුවෙන් මෙසේ එම අංශ වසා දමා තිබේ.

අදාළ අංශවල සේවය කරන කාර්ය මණ්ඩල සාමාජිකයන් මේ වන විට නිරෝධායනයට ලක් කර ඇති බව අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය. පසුගිය කාලයේ හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල හැර සෙසු සියලූ ප‍්‍රදේශවල පදිංචි සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් සියලූ දෙනා එකවර සේවයට කැඳවීම හේතුවෙන් අමාත්‍යාංශයේ බොහෝ අංශවල තදබදයක් දක්නට ලැබුණු අතර, පවතින තත්ත්වය මත නැවත එම කාර්ය මණ්ඩල සාමාජිකයන් කොරෝනා මර්දන සෞඛ්‍ය මාර්ගෝපදේශන මාලාවට අනුකූලව කොටස් වශයෙන් සේවයට කැඳවීමට පියවර ගෙන ඇති බව අමාත්‍යාංශයේ ප‍්‍රකාශකයෙක් ‘දිවයින’ට පැවසීය.
 

kandos18

අද දිවයින

සිනමා කලා

bs250

නවලිය

ksugewa250

දියග

karunaratne250

මීවිත

janith250

More Articles