Divaina - රන්ජන් පාර්ලිමේන්තු ගේන්න - සමගි ජනබලවේගය ඉල්ලයි

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

සුජීව තත්සර
p1 ranjan1
වසර හතරක බරපතළ සිරද`ඩුවම් ලැබ සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතාට පාර්ලිමේන්තු රැුස්වීමට සහභාගි වීමට අවස්ථාව දෙන ලෙස සමගි ජන බලවේගය කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (18දා) පැවති පක්ෂ නායක රැුස්වීම අතරතුර දී කථානායකවරයාගෙන් මෙම ඉල්ලීම සිදු කළ බව විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ‘දිවයිනට’ සඳහන් කළේය.

සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්දිරන් යන මහත්වරුන් මෙහිදී කථානායකවරයා වෙත රන්ජන් රාමනායක මන්තී‍්‍රවරයා සම්බන්ධයෙන් දිගින් දිගටම කරුණු ඉදිරිපත් කර තිබේ.

ව්‍යවස්ථානුකූලව රන්ජන් රාමනායක මහතාට පාර්ලිමේන්තු පැමිණීමට කිසිදු බාධාවක් නොමැති බව එහිදී කථානායකවරයා වෙත පෙන්වා දුන් බව ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් අද (19දා) පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී වැඩිදුරටත් කරුණු දක්වන බවත් එ් පිළිබඳව ලිපියක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
 

kandos18

අද දිවයින

සිනමා කලා

bs250

නවලිය

ksugewa250

දියග

karunaratne250

මීවිත

janith250

More Articles