ඒ. ජේ. ඒ. අබේනායක
මෝදර ධීවර වරාය ඉතා අඩු මුදලකට පෞද්ගලික සමාගමකට බදු පදනම මත ලබාදීමෙන් රජයට අති විශාල පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් පවරා ඇති නඩුවේ විත්තිකරුවන් වන හිටපු ධීවර කටයුතු පිළිබඳ අමාත්‍ය, සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛi රාජිත සේනාරත්න මහතා ඇතුළු තිදෙනාට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේදී ඊයේ අධිචෝදනා භාරදීම සිදු කෙරිණි.
වෛi රාජිත සේනාරත්න, ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සහ ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු කළමනාකාර අධ්යක්ෂ නීල් රවින්ද්‍ර මුණසිංහ යන තිදෙනාගේ ඇ`ගිලි සලකුණු වාර්තා ලබාගෙන පෙර වැරදි වාර්තා කැඳවන ලෙසටද එහිදී නියෝග කළ විනිසුරුවරයා විත්තිකරුවන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට ද නියෝග කළේය.
නීති විරෝධී අර්ථලාභයක් අනුග්‍රයක් හෝ වාසියක් සිදු කිරීමේ චේතනාවෙන් රජයේ සේවකයකු එනම් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිය ධුරය කෙළින්ම හෝ වක්‍රාකාරයෙන් පාවිච්චි කිරීම එනම් සී. ග්ල්ෆ් යූ. කේ. ප්‍රයිවට් ලිමිටඞ් වෙත මෝදර වරාය අඩු මුදලකට බදුදීම සඳහා ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් පෙළඹවීමේ චෝදනාව රාජිත සේනාරත්න මහතාට එරෙහිව නඟා තිබිණි.
2014 අගෝස්තු 01 වැනිදා සහ 2014 නොවැම්බර් 01 වැනිදා දක්වා කාලපරිච්ෙඡ්දය තුළදී රජයට පාඩුවක් සිදුවන බව දැනුවත්ව එකී වරාය බදු පදනම මත පෙර කී පෞද්ගලික සමාගමට ලබාදීමට වරාය අධ්යක්ෂ මණ්ඩලය පෙළඹවීම මගින් අල්ලස් හෝ ¥ෂණ විමර්ශන පනත යටතේ ගැනෙන වැරදි සිදු කළේ යැයි ද රාජිත සේනාරත්න මහතාට චෝදනා නඟා තිබු අතර ඒ සඳහා රාජිත සේනාරත්න මහතාට ආධාර අනුබල දීම මගින් අල්ලස් පනත යටතේ මෙන්ම ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ ගැනෙන වැරදි සිදුකර ඇතැයි සෙසු විත්තිකරුවන්ට චෝදනා නඟා තිබිණි.
අධිකරණයේ නියෝගය පරිදි මහාධිකරණ භාෂණ පරිවර්තක මංජුල ප්‍රසාද් ජයසිංහ මහතා විත්තිකරුවන්ට අධිචෝදනා භාරදුන් අතර නඩු විභාගයට දින නියම කිරීමට පෙර පැමිණිල්ල විසින් ලබාදිය යුතු ලේඛන විත්තියට භාරදුන්නේ දැයි සලකා බැලීම සඳහා එම නඩුව ලබන අපේ‍්‍රල් 22 වැනිදා යළි කැඳවීමට විනිසුරුවරයා නියෝග කළේය.
- Hits: 430