අකිත පෙරේරා
සෞඛ්‍ය රෙගුලාසි පූර්ණ වශයෙන් ආරක්ෂා කරගනිමින් අද (19දා) සහ හෙට (20දා) දෙදින පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වේ.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18දා) පෙරවරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් මේ තීරණය ගෙන ඇත.
අද පෙ.ව. 10.00ට ආරම්භ වන පාර්ලිමේන්තු රැුස්වීමේදී විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් 6ක් සහ රේගු ආඥා පනත යටතේ යෝජනාවක් විවාදයට ගන්නා බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 දක්වා කාලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාචික ප්‍රශ්න ඇසීම සඳහා වෙන් කෙරෙන අතර, එහිදී අසනු ලබන ප්‍රශ්න දහයකට සීමා කෙරෙනු ඇත.
දෙවන දිනය වන හෙට (20දා) ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා විසින් ඉදිරිපත්කර ඇති සභාව කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනෙන බව පාර්ලිමේන්තු මහලේකම්වරයා පැවසීය. එම විවාදය සඳහා පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 දක්වා කාලය වෙන් කර ඇත. පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද විවිධ නීති රෙගුලාසි යටතේ අමාත්‍යවරුන් විසින් ඉදිරිපත් කරනු ලබන අති විශේෂ ගැසට් පත්රයන් මගින් පළකරනු ලබන නියෝග ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් මෙම සභාව කල්තැබීමේ යෝජනාව ඉදිරිපත් කෙරේ. එදිනම පෙ.ව 10.00 සිට 11.00 දක්වා පැයක් මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.
ඊයේ පැවැති මෙම රැුස්වීමට දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ලක්ෂ්මන් කිරිඇල්ල, චමල් රාජපක්ෂ, ජී. එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම, ඩග්ලස් දේවානන්දා, මහින්ද සමරසිංහ, අනුර කුමාර දිසානායක, ඩිලාන් පෙරේරා, රිෂාඞ් බදුර්දීන්, රංජිත් මද්දුම බණ්ඩාර, මනෝ ගනේෂන් සහ එම්. ඒ. සුමන්තිරන් යන මහත්වරුන් සහභාගි වී තිබේ.
සෞඛ්‍යාරක්ෂිතව පාර්ලිමේන්තු රැුස්වීම් පැවැත්වීම සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීම සඳහා පසුගිය දිනවලදී පාර්ලිමේන්තුවේදී පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් කාර්යාලයේ වෛද්‍යවරුන් කිහිප දෙනකුද ඊයේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට කැඳවා තිබුණි.
ඔවුන් සමඟ මුලින්ම සාකච්ඡුා කළ අවස්ථාවේදී අනතුරුදායක තත්ත්වයක් පාර්ලිමේන්තුව තුළ නොමැති බවටත්, ආරක්ෂිතව සියලූ සෞඛ්‍ය රෙගුලාසි තදින්ම අනුගමනය කරමින් රැුස්වීම් පැවැත්විය හැකි බවටත් උපදෙස් ලැබුණු බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සඳහන් කළේය.
මේ අතර පාර්ලිමේන්තුවේදී ඊයේද පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර තිබේ. එහිදී මන්තී‍්‍රවරුන් දෙදෙනකුගේ සහ කාර්ය මණ්ඩලයේ 62 දෙනකුගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ඇත.
- Hits: 205