Divaina - මාස තුනක් නැවතුණු දුර ගමන් සේවා දුම්රිය ධාවනය ඊයේ සිට යළි ඇරඹෙයි

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p1 19 train1අකිත පෙරේරා

කොරෝනා වසංගතය හේතුවෙන් මාස තුනකට අධික කාලයක් නවතා දමා තිබුණු දුර ගමන් සේවා දුම්රිය කිහිපයක් ඊයේ (18දා) සිට යළි ධාවනය ආරම්භ කළ අතර, ලබන 25 වැනිදා සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය යළි ඇරඹීමට නියමිතය.

ඒ අනුව කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වන පොඩි මැණිකේ දුම්රිය, කොළඹ කොටුව සිට මහනුවර දක්වා ධාවනය වන නගරාන්තර සීඝ‍්‍රගාමී දුම්රිය, ගල්කිස්ස සිට කන්කසන්තුරය දක්වා ධාවනය වන යාල්දේවි දුම්රිය, කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ධාවනය වන උත්තර දේවි දුම්රිය, කොළඹ කොටුව සිට මඩකලපුව දක්වා ධාවනය වන උදයදේවී ශීඝ‍්‍රගාමී දුම්රිය ඊයේ සිට ධාවනය කරවූ බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප‍්‍රනාන්දු මහතා සඳහන් කළේය.

ඊට අමතරව මරදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වන දක්ෂිණ නගරාන්තර ශීඝ‍්‍රගාමී දුම්රියත්, මාතර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන සීඝ‍්‍රගාමී දුම්රියත් ධාවනයට එක් කෙරිණි. මේ අතර දෛනිකව ධාවනය වූ සියලූ දුම්රිය වාරයන් ලබන 25 වැනිදා සිට සාමාන්‍ය පරිදි ධාවනය කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ස`දහන් කළේය.

සංචරණ සීමා ලිහිල් කිරීම හේතුවෙන් දුම්රිය මගී ජනතාවගේ පහසුව ස`දහා මෙලෙස දුම්රිය ගමන්වාර වැඩි කිරීමට පියවර ගත් බවද ඒ අනුව ඊයේ දුම්රිය ගමන් වාර 333 ක් සිදු වූ බවද දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් පැවසීය.
 

kandos18

අද දිවයින

සිනමා කලා

bs250

නවලිය

ksugewa250

දියග

karunaratne250

මීවිත

janith250

More Articles