උපාලි ද සේරම්
ප්‍රංශයේ වෛද්‍ය උපාධිය හදාරමින් සිටියදී සිය පෙම්වතුන් විසින් ඝාතනය කරන ලද බව කියන යාපනය පදිංචි දෙමළ තරුණියන් දෙදෙනා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
යාපනය අලම්පිඞ්ඩි හි පදිංචිව සිටි එස්. කාර්තිකා නමැති 20 හැවිරිදි තරුණිය ඇගේ ශ්‍රී ලාංකික දෙමළ ජාතික පෙම්වතා විසින් පිහියකින් ඇන මරා දමා ඇත්තේ ඉකුත් 13 වැනිදාය. යාපනය මන්ඩුවිල්හි පදිංචිව සිටි 19 හැවිරිදි ස්නේහා චන්ද්‍රරාසා ඇගේ පෙම්වතා විසින් ගෙල සිරකර මරා දමා ඇත්තේ ඉකුත් 08 වැනිදාය. මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අදාළ තොරතුරු පැරිස් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් එරට පොලිසියට ලබාදී ඇතැයිද මියගිය තරුණියන්ගේ වැඩිදුර තොරතුරු ලබාගැනීමට පැරිස් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කරමින් සිටින බවද විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.
- Hits: 1495