Divaina - රාජ්‍ය ඇමැති පියල්ටත් කොරෝනා - බිරිඳ සහ ලේලියත් පොසිටිව්

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p1 19 3* ඇමැති ජී. එල්. සහ රාජ්‍ය ඇමැතිවරයාගේ කාර්ය මණ්ඩලයේ 22 ක් ස්වයං නිරෝධායනයට

අකිත පෙරේරා, කළුතර - විජයසිරි විද්‍යාසේකර

කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් සංවර්ධන, අධ්‍යාපන සේවා රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත මහතාට සිදු කළ රැුපිඞ් ඇන්ටිජන් පරීක්ෂණයෙන් ඔහු කොවිඞ් ආසාදිතයකු බවට තහවුරු වී ඇත.

ඔහු මෙන්ම ඔහුගේ බිරිඳ සහ ලේලියට ද කොවිඞ් ආසාදිත බවට තහවුරු වී ඇත.

තමන්ට සෙම තත්ත්වයක් සහ කැස්ස පවතින බව ද එබැවින් තමන්ට ඇන්ටිජන් පරීක්ෂාවක් සිදු කරන ලෙස ද රාජ්‍ය ඇමැතිවරයා ඊයේ පෙරවරුවේ ප‍්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

ඒ අනුව ඇමැතිවරයාගේ ඇන්ටිජන් පරීක්ෂාවක් සිදු කළ අවස්ථාවේ ඔහු සහ ඔහුගේ නිවසේ සිටි බිරිඳ සහ ලේලිය කොවිඞ් ආසාදිත බවට තහවුරු වූ බව කළුතර දිස්ති‍්‍රක් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්. ජේ. සිංහබාහු මහතා ‘දිවයින’ට පැවසීය.

මේ හේතුවෙන් එම තිදෙනා කොග්ගල පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කළ බව ද හෙතෙම සඳහන් කළේය.

ඇමැතිවරයාගේ කාර්ය මණ්ඩලයේ 22 දෙනකුට රැුපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ මෙන්ම පී. සී. ආර්. පරීක්ෂණ ද සිදු කළ නමුත් ඔවුන් කිසිවකු ආසාදිත නොමැති අතර ඔවුන් සියලූ දෙනා ස්වයං නිරෝධායනයට යොමු කළ බව සිංහබාහු මහතා කියා සිටියේය.

පසුගිය සෙනසුරාදා (16 දා) කළුතර දිස්ති‍්‍රක් කාර්යාලයේ පැවැති සංවර්ධන කමිටු රැුස්වීමකට පියල් නිශාන්ත මහතා සහභාගි වී තිබේ. එම කමිටු රැුස්වීම පැවැත්වෙන අවස්ථාවේදී රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත මහතා අසලින්ම අසුන් ගෙන සිටි කළුතර දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂවරයකු සහ සංවර්ධන නිලධාරිනියකට කොරෝනා ආසාදනය වී ඇති අතර ඔහුට සමීප පුද්ගලයින් 40 කට ආසන්න පිරිසකට ද මේ වනවිට පී. සී. ආර්. පරීක්ෂණ සිදු කර ඇත.

පසුගිය 16 දා කළුතර පැවති සංවර්ධන කමිටු රැුස්වීම සඳහා පියල් නිශාන්ත රාජ්‍ය ඇමැතිවරයාට අමතරව කී‍්‍රඩා ඇමැති නාමල් රාජපක්ෂ, රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි සහ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන සංජීව එදිරිමාන්න සහ ලලිත් එල්ලාවල යන මහත්වරුන් ඇතුළු 150 කට අධික පිරිසක් සහභාගි වී ඇත.

ඉන්පසු ඔවුන් කළුතර ප‍්‍රදේශයේ පිහිටි හෝටලයක දිවා ආහාරය සඳහා ද ගොස් තිබේ.

මේ අතර රාජ්‍ය ඇමැතිවරයා පසුගිය 15 දා සිය අමාත්‍යාංශයට ද ගොස් ඇති අතර ජනාධිපතිවරයා සමග හොරණ නව ටයර් කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට ද සහභාගි වී තිබේ. කෙසේ වෙතත් රාජ්‍ය ඇමැතිවරයා පසුගියදා පැවති පාර්ලිමේන්තු රැුස්වීමට සහභාගි වී නැතැයි පාර්ලිමේන්තුවේ වේත‍්‍රධාරීවරයා සඳහන් කළේය.
 

kandos18

අද දිවයින

සිනමා කලා

bs250

නවලිය

ksugewa250

දියග

karunaratne250

මීවිත

janith250

More Articles