Divaina - ලබන 25 වැනිදා ටියුෂන් දොර ඇරේ - ඒත් බස්නාහිර නෑ

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

tution1කොරෝනා වසංගතය හේතුවෙන් නවතා දමා ඇති උපකාරක පන්ති (ටියුෂන්) බස්නාහිර පළාතේ හැර දිවයිනේ සෙසු ප‍්‍රදේශවල ජනවාරි මස 25 වැනිදා සිට පැවැත්වීමට අවසර ලබාදීමේ චක‍්‍රලේඛය ඉකුත් සිකුරාදා (15 දා* නිකුත් කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. බස්නාහිර පළාතේ උපකාරක පන්ති ආරම්භ කිරීම තවදුරටත් ප‍්‍රමාද වන බව ද ඔහු කීවේය.

නිකුත් කර ඇති චක‍්‍රලේඛයට අනුව ජනවාරි 25 වැනිදා සිට පැවැත්වීමට අවසරය ලබා දී ඇති උපකාරක පන්තියකට සහභාගි කරගත හැක්කේ පංතියේ හිඳ ගැනීමට පවතින පුටු ප‍්‍රමාණයෙන් සියයට 50ක් පිරෙන ආකාරයට උපරිමය ළමුන් 100ක් දක්වා පමණක් බවත් උපකාරක පන්ති අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ අ.පො.ස. උසස් පෙළ සඳහා පමණක් විවෘත කරන ලෙස ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කළේය.

‘‘රටේ පවතින තත්ත්වයත් සලකා බලා අනෙකුත් උපකාරක පන්තිද ඉදිරියේදී විවෘත කළ හැකියි. උපකාරක පන්ති පවත්වාගෙන යා යුත්තේ කෙසේ ද, පැවැත්විය යුතු කාලය, පන්ති පිරිසිදු කිරීම යන ක‍්‍රියාවලීන්ට අදාළ මාර්ගෝපදේශ මේ වන විට නිකුත් කර තිබෙනවා. ඒ සියලූ දේ චක‍්‍රලේඛයේ අඩංගු කර තිබෙනවා. මෙම සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරන ලෙස උපකාරක පන්ති පවත්වන ගුරු භවතුන්ගෙන් ඉල්ලා සිටිනවා. දැනටත් කොරෝනා ආසාදිතයන් යම් යම් ස්ථානවලින් වාර්තා වන අවස්ථාක තමයි මෙම අවස්ථාව ලබා දී තිබෙන්නේ. මේ නිසා උපකාරක පන්ති වෛරසය පැතිරීමේ අවදානම් මධ්‍යස්ථානයක් නොවන ලෙසට කටයුතු කිරීම සියලූ දෙනාගේ වගකීමක් වනවා. උපකාරක පන්ති සඳහා දිස්ත‍්‍රික්ක හරහා පැමිණීමට අවසර ලබාදී නැහැ. එම දිස්ත‍්‍රික්ක ඇතුළත ළමුන්ට හා ගරුවරුන්ට පමණයි උපකාරක පන්ති පවත්වාගෙන යා හැකි වන්නේ.’’ යැයි වෛද්‍ය ගුණවර්ධන මහතා කීවේය.

බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කර සති දෙකකට පසු උපකාරක පන්ති ආරම්භ කිරීමට අවසර ලබාදීමට දැනට තීන්දු කර ඇති බවත්, මේ සියලූ දේ තීරණය කිරීමේ හැකියාව පවතින්නේ රටේ පවතින තත්ත්වය අනුව බවත් පැවසූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා යම් කිසි ප‍්‍රදේශයක් හුදෙකලා කර හෝ සංචරණ සීමා කොට තිබේ නම් එම පළාතේ තිබෙන උපකාරක පන්ති පැවැත්විය නොහැකි බව ද වැඩිදුරටත් පැවැසීය.

ඒමන්ති මාරඹේ
 

kandos18

අද දිවයින

සිනමා කලා

bs250

නවලිය

ksugewa250

දියග

karunaratne250

මීවිත

janith250

More Articles