
*රත්නපුර රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනකුටත් කොරෝනා
* 425දෙනෙක් ඊයේ සුවය ලබති
කොරෝනා දෙවැනි රැුල්ල ආරම්භ වූ මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගල්ලොලූවේ නැගෙනහිර සහ බටහිර ග්‍රාම නිලධාරී වසම් දෙක හුදෙකලා ගම්මාන ලෙස නම් කර ඇතැයි මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් ලක්මිණි කුලතිලක මහත්මිය ඊයේ (17 දා) සවස සඳහන් කළාය.
ගල්ලොලූව නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ පුද්ගලයන් 2949 දෙනකු සහ ගල්ලොලූව බටහිර ග්‍රාම නිලධාරී වසමේ පුද්ගලයන් 3549 දෙනකු පදිංචිව සිටින බව ප්‍රාදේශීය ලේකම් ලක්මිණි කුලතිලක මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.
ඉකුත් ජනවාරි මස 01 වැනිදා සිට 13 වැනිදා දක්වා ‘කොවිඞ් 19’ ආසාදිතයන් හමුවීමේ ප්රවනතාවක් මිනුවන්ගොඩ ගල්ලොලූව ග්‍රාම නිලධාරී වසම් 02ක තුළින් පෙන්නුම් කිරීම නිසා එම ප්‍රදේශවල පදිංචිකරුවන්ට සංචරණ සීමා පැනවිය යුතු බවට සිතියමක් මගින් තහවුරු කර ගම්පහ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ මගින් උසස් නිලධාරීන් දැනුවත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම ග්‍රාම නිලධාරී වසම් දෙක හුදෙකලා ගම්මාන ලෙස නම් කර ඇතැයි ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය. මෙම ගම්මාන දෙකට අයත් බොහෝ පිරිසක් ඉකුත් 15 සහ 16 යන දිනයන්හි පී. සී. ආර්. පරීක්ෂණ සඳහා මිනුවන්ගොඩ දී සහ ගල්ලොලූව ප්‍රදේශවලදී යොමු කර ඇති බවත් එම පරීක්ෂණවල ප්‍රතිඵල අනුව එම ගම්මාන දෙක හුදෙකලා කරන කාලය තීරණය වන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර කොරෝනා ආසාදිතයන් හමුවීමේ ප්‍රවණතාවක් ඇති වීම හේතුවෙන් මාතලේ පොලිස් වසමට අයත් වරකාමුණ, මීදෙනිය සහ දෙහිගහපිටිය යන ග්‍රාම නිලධාරි වසම් ද වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා ප්‍රදේශ ලෙස නම් කිරීමට ඊයේ පියවර ගනු ලැබීය.
එසේම මඩකලපු දිස්ත්‍රික්කයේ අරසඞ් ග්‍රාමසේවා වසමද වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර ඇත.
මිනුවන්ගොඩින් ආරම්භ වී පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණ පොකුරක් සමග ශීඝ්‍ර ව්‍යාප්තියක් සිදුවූ මෙරට දෙවැනි කොරෝනා රැුල්ලේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව පෙරේදා වන විට 52,000 සීමාව ඉක්මවා ගියේය.
ආසාදනය වූ තවත් 321 දෙනකු ඊයේ සහ ආසාදිතයන් 719 දෙනකු පෙරේදා දිනවල හඳුනාගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 52634ක් බවට පත්විය.
එම ආසාදිතයන් අතරින් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 45,171 දෙනකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.
එම පිරිසට රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමෙන් පසු ඊයේ දිනයේ සුවය ලබා ගිය 425 දෙනා ද අයත්ය.
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයන් 6886 රෝහල්ගතව වැඩිදුර ප්‍රතිකාර ලබමින් සිටින බව කාර්යාංශය සඳහන් කළේය.
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මේ දක්වා මෙරට පුද්ගල මරණ 256ක් වාර්තා වී ඇති අතර එසේම මියගොස් ඇති වැඩිදෙනා වයස අවුරුදු 60 ඉක්මවූවන් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ රත්නපුර රෝහලෙන් ද නැවතත් ආසාදිතයන් සිව්දෙනකු වාර්තා වී තිබිණි.
රත්නපුර රෝහලේ සේවය කරන වෛද්‍යවරුන් දෙදෙනකුට සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනකුට මෙසේ කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.
අහඹු ලෙස සිදුකළ රැුපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ මගින් මෙම ආසාදිතයන් සිව්දෙනා හඳුනාගත් බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
සමන් ගමගේ - මිනුවන්ගොඩ ටෝනි කරුණානායක