Divaina - කිළිනොච්චිය ඉංජිනේරු පීඨයේ බුදු පිළිමයකටත් හානි කරලා!

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධ කිළිනොච්චිය ඉංජිනේරු පීඨයේ ඉදිකර තිබූ බුදු මැඳුරට කිසියම් පිරිසක් විසින් ප‍්‍රහාර එල්ල කිරීමේ දී එහි ප‍්‍රධාන බුදු පිළිමයට ද හානි සිදුව ඇතැයි මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කිළිනොච්චිය පොලිසිය 17 වැනිදා පැවසීය.

මෙම බුදු මැඳුරට 15 වැනිදා රාත‍්‍රි කිසියම් පිරිසක් විසින් ප‍්‍රහාරයක් එල්ල කර තිබූ අතර සැකකරුවන් හඳුනා ගැනීමට අවශ්‍ය බැවින් පොලිසිය එම ප‍්‍රදේශයට කිසිවකුටත් ඇතුළුවීමට අවසර ලබා දී නොතිබුණි.

පොලිසිය ආරම්භ කළ පරීක්ෂණවල දී ප‍්‍රධාන බුදු පිළිමයට හානි සිදුවන ආකාරයට ප‍්‍රහාර එල්ල කර ඇති බව හෙළි වී තිබේ.

කිළිනොච්චිය මණ්ඩපයේ බුදු මැඳුරට මෙම ප‍්‍රහාරය එල්ල වී ඇත්තේ යාපනය විශ්වවිද්‍යාල පරිශ‍්‍රයේ ඉදිකර තිබූ යුද ස්මාරකය එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගැනීමත් සමගිනි.

දිනසේන රතුගමගේ

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles