Divaina - ‘නිරෝධායන ගැරිල්ලක්’ ගැන යුද හමුදාවට තොරතුරු

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

covid765පිටරටවල සිට මෙරටට පැමිණ හෝටල්වල නිරෝධායන වෙමින් සිටින පුද්ගලයන්ගෙන් අයථා ලෙස මුදල් ලබා ගන්නා තෙවැනි පාර්ශ්ව සම්බන්ධයෙන් යුද හමුදාවට තොරතුරු ලැබී තිබේ.

මේ අනුව අදාළ පුද්ගලයන් නිරෝධායන කටයුතු සඳහා හෝටල්වලට යොමුකිරීමේ දී ඇතැම් පිරිස් අයථා ලෙස මුදල් අයකර ගන්නා බවත් එවැනි ක‍්‍රියා නැවත සිදු නොවීමට වගබලා ගන්නා ලෙසත් යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සියලූම හෝටල් හිමියන්ට උපදෙස් දී ඇත.

එසේම කිසිදු කෙනකුට අල්ලස් දීමෙන් වළකින ලෙස නිරෝධායන කටයුතු සඳහා සම්බන්ධව සිටින හෝටල් හිමියන්ට දැනුම් දී ඇති යුද හමුදාපතිවරයා මෙවැනි වංචනික ක‍්‍රියාවන් සිදුකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක‍්‍රියාත්මක කළ බවත් සඳහන් කළේය.

නිරෝධායන ක‍්‍රියාවලිය ඉතා ඉහළ ප‍්‍රමිතියකින් හා විශ්වාසනීයව පවත්වාගෙන යෑමට යුද හමුදාව කටයුතු කරමින් සිටින බවත් එම නිසා යුද හමුදාව ගොඩන`ගාගෙන ඇති ප‍්‍රතිරූපයට හානි කිරීමට කිසිවකුටත් ඉඩ නොතබන බවත් යුද හමුදාපතිවරයා පැවසීය.

මෙරටට පැමිණ හෝටල්වල නිරෝධායනයට ලක්වන පුද්ගලයන්ට අවශ්‍ය පහසුකම් සාධාරණ මුදලකට ලබාදීම රජයේ මෙන්ම යුද හමුදාවේ අරමුණ බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ලසිත දුමින්ද
 

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles