Divaina - අලූත් ව්‍යවස්ථාව මේ වසර ඇතුළත - ඇමැති ජී. එල්. මහනුවරදී කියයි

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p1 18glමෙම වසර අවසන් වීමට පෙර නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට රජය අපේක්ෂා කරන බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.

රොමේෂ් ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් විශේෂඥ කමිටුවක් මේ සඳහා අපි පත්කර තිබෙන බවත් වසර 43 ක් පැරණි 1978 ව්‍යවස්ථාවේ පැහැදිලි වෙනසක් සිදුවිය යුතුව තිබෙන බවත් ඒ් මහතා කීවේය.

මහනුවර ගැටඹේ රජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පෙරේදා (16 දා* බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව ප‍්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන ඇමැතිවරයා -

රට අවදානමට පත් නොකරන ලෙස මාධ්‍ය ඔස්සේ ඇතැම් පිරිස් දිගින් දිගටම ප‍්‍රකාශ නිකුත් කළත් මේ රටේ බහුතර ජනතාව ඉල්ලා සිටින්නේ දරුවන්ගේ අනාගතය අන්ධකාරයෙන් වැසීමට ඉඩ නොතබා පාසල් විවෘත කරන ලෙස යැයි ද පැවසීය.

පෙර පාසල් හා දහම් පාසල් හැකි ඉක්මනින් විවෘත කරන බවත් අතීතයේ කළාක් මෙන් මේවා තුළින් රට පිළිබඳ ජාතික හැඟීමක් දරුවන් තුළ ඇති කරන්නට පසුබිම සකස් කළ යුතුව තිබෙන බවත් ඒ මහතා කීය.

පාසල්වලට ළමුන් ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් තවමත් ලොකු ගැටලූ තිබෙන බවත් පවතින ක‍්‍රමවේදවල ඇති සුළු සුළු අඩුපාඩු නිසා ඇතැම් දරුවන්ට සහ දෙමාපියන්ට අසාධාරණ සිදුවන බවත් අධ්‍යාපන ඇමැතිවරයා පැවසුවේය.

හිමිකම් ඔප්පු පිළිබඳ ගැටලූවේ දී මෙම තත්ත්වය බහුලව දක්නට ලැබෙන බවත් අවුරුදු 05ක පදිංචිය සහ හිමිකම් පිළිබඳ ගැටලූ මතුවන්නේත් ඇතැම් පුද්ගලයන් විසින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීම හේතුවෙන් බවත් ඒ මහතා ප‍්‍රකාශ කළේය.

පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම ඇමැතිවරයාට, ලේකම්වරයාට හා විදුහල්පතිවරයාට අවශ්‍යය පරිදි සිදු නොකර විධිමත් ක‍්‍රමවේදයක් යටතේ සිදු කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරන බව ද මහාචාර්යවරයා කීවේය.

පසුගිය වසරේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගත් 30000ක ශිෂ්‍ය සංඛ්‍යාව මෙම වසරේ 41500 දක්වා වැඩිකර තිබෙන බවත් විශ්වවිද්‍යාල ප‍්‍රවේශය පුළුල් කිරීම පමණක් ප‍්‍රමාණවත් නොවන බවත් කී ඒ මහතා රැුකී රක්ෂා සහ විශ්වවිද්‍යාල උපාධිය අතර සම්බන්ධයක් ගොඩනැඟීම අත්‍යවශ්‍ය කාරණයක් බවත් ඒ මහතා කීවේය.

ඒ අනුව පාඨමාලා නවීකරණය කිරීම ඇතුළු අවශ්‍ය වෙනස්කම් සිදුකරමින් තිබෙන බව ද හෙතෙම පැවසුවේය.

විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමේ දී නවක සහ පැරණි නිර්දේශ හේතුවෙන් සමහරුන්ට අසාධාරණයක් සිදුව තිබෙන බව ප‍්‍රකාශ වන බවත් මෙය පසුගිය රජයෙන් දායාද කළ ප‍්‍රශ්නයක් බවත් පීරිස් මහතා කීවේය.

වැඩි සිසුන් ප‍්‍රමාණයකට සාධාරණයක් වන ලෙස විධිමත් ක‍්‍රමානුකූල වැඩපිළිවෙළක් යටතේ සහ නීත්‍යානුකූල අන්දමින් එම කටයුත්ත සිදු කරන්නට සූදානමින් සිටින බව ද ඇමැතිවරයා ප‍්‍රකාශ කළේය.

පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන්ගේ පෙළ පොත් අන්තර්ජාලයෙන් බාගත කර ගැනීමට හැකි බවත් පාසල් නිල ඇඳුම් ජනවාරි මාසය අවසන් වීමට පෙර ලබා දීමට කටයුතු කරන බවත් හෙතෙම කීවේය.

සිරිල් විමලසුරේන්ද්‍ර - සමන්තී වීරසේකර
 

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles