Divaina - ගම්පහ කෝටි හතරේ කොල්ලයේ සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායම් පහක්

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p1 18police1ගම්පහ නගර මධ්‍යයේ පිහිටි මූල්‍ය ආයතනයකට (ෆිනෑන්ස්)  කඩාවැදී රුපියල් කෝටි හතරකට අධික වටිනාකමකින් යුත් මුදල් හා රන් ආභරණ කොල්ල කා  පලාගිය සන්නද්ධ පුද්ගලයන් හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් පහක් පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.

ගම්පහ ආනන්ද මාවතේ පිහිටි මෙම මූල්‍ය ආයතනයට ආයුධ සන්නද්ධව කොල්ලකරුවන් දෙදෙනකු කඩාවැදී තිබුණේ ඉකුත් 15 වැනිදා දහවල් 2.30 ට පමණය.

ගනුදෙනුකරුවන් ලෙස ආයතනයට ඇතුළුවී ඇති කොල්ලකරුවන් දෙදෙනා ගල්කටස් ගිනි අවියක් සහ අත්බෝම්බයක් පෙන්වා එහි කළමනාකරුවන් ඇතුළු සේවකයන්ට මරණ තර්ජන එල්ල කර ඔවුන් කාමරයක සිරකර ඇත.

පසුව මෙම කොල්ලකරුවන් දෙදෙනා ආයතනයේ තිබූ සේප්පුව විවෘත කර එහි තිබූ රුපියල් තුන්කෝටි අනූලක්‍ෂයකට අධික වටිනාකමින් යුත් රන් අබරණ සහ කළමනාකරු සතුව තිබූ රුපියල් හයලක්‍ෂයක මුදල් කොල්ල කා තිබේ.

මෙම ආයතනයට ආරක්‍ෂක නිලධාරීන් යොදවා නොසිටි අතර ඒ අවස්ථාවේ ගනුදෙනු කටයුතු සඳහා පැමිණි පුද්ගලයන් දෙදෙනකුද කොල්ලකරුවන් සිය ග‍්‍රහණයට ගෙන තිබුණි.

රන් අබරණ සහ මුදල් කොල්ල කෑ කොල්ලකරුවන් යතුරුපැදියක නැගී පලාගොස් ඇත.

මෙම කොල්ල කෑම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත පෑලියගොඩ අපරාධ කොට්ඨාසය කැලණිය කොට්ඨාස අපරාධ මෙහෙයුම් ඒකකය, ගම්පහ පොලිසියේ අපරාධ අංශ සහ තවත් පොලිස් කණ්ඩායමක් පරීක්‍ෂණ පවත්වයි.

මෙම කොල්ලයට පැමිණි කොල්ලකරුවන් සී සී ටී වී දර්ශන ඔස්සේ හඳුනාගැනීමට පොලිසිය කටයුතු කර තිබේ. කොල්ලය සඳහා පැමිණි යතුරු පැදිය සපුගස්කන්ද ප‍්‍රදේශයෙන් සොරාගත් එකක් බව විමර්ශන වලදී හෙළිවී තිබේ.

මෙම යතුරුපැදියේ ව්‍යාජ අංක තහඩු දෙකක් භාවිත කර තිබූ අතර එම අංක තහඩු දෙක ඉකුත් 12 වැනිදා

දෙමටගොඩ ප‍්‍රදේශයේ නතර කර තිබූ යතුරුපැදියකින් ගලවාගෙන ගිය ඒවා බවද විමර්ශන වලදී හෙළිවී ඇත.

මෙම කොල්ලකරුවන් දෙදෙනා කිසියම් මත්ද්‍රව්‍යයක් භාවිතයට ඇබ්බැහි වී සිටින පුද්ගලයන් බවට පොලිසිය සැක පහළ කරයි.

මොවුන් විනාඩි 25 කට අධික කාලයක් මූල්‍ය ආයතනය තුළ රැුඳී සිටිමින් මෙම කොල්ල කෑම සිදුකර ඇති බව පොලිසිය පවසයි.

පොලිසිය පවසන්නේ මෙතරම් විශාල වටිනාකමකින් යුත් රන් භාණ්ඩ සහ මුදල් විශාල ප‍්‍රමාණයක් ආයතනයේ තබාගෙන සිටියද කිසිදු ආරක්‍ෂාවක් එම ආයතනයට ලබාදීමට කටයුතු කර නොතිබූ බවය.

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්ධු තෙන්නකෝන්, බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජය ශ‍්‍රී, ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික සිල්වා යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙහි විමර්ශන පැවැත්වේ.

හේමන්ත රන්දුණු, මිනුවන්ගොඩ - ටෝනි කරුණානායක

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles