Divaina - බොරැල්ලේ ගෙදරක මත්ද්‍රව්‍ය ගබඩාවක් - ලොක්ඩවුන් අස්සෙත් කුඩු බෙදූ කත දැලේ

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p1 18 1* වනාතේ කුමාරත් හවුල්

හේමන්ත රන්දුණු සහ ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

බොරැල්ල සිරිසඳ උයන නිවාස සංකීර්ණයේ නිවසක මත්ද්‍රව්‍ය ගබඩාවක් පවත්වාගෙන යමින් කොළඹ නගරය පුරා හෙරොයින් බෙදාහැරීමේ යෙදුණු කාන්තාවක අත්අඩංගුවට ගත් පොලිස් විශේෂ කාර්ය බළකාය එම නිවසේ සඟවා තිබූ රුපියල් එක්කෝටි හැත්තෑ ලක්‍ෂයකට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් තොගයක් සොයාගෙන ඇත.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම නිසා මාස තුනකට වැඩි කාලයක් මෙම නිවාස සංකීර්ණය හුදකලා කර තිබූ අතර එම කාලසීමාවේදීද සැකකාර කාන්තාව කොළඹ නගරය පුරා හෙරොයින් බෙදාහැර ඇති බව විමර්ශන වලින් හෙළිවී තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාසයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක නදීක සිල්වා මහතාට ලැබුණු ඔත්තුවක් මත සිරිසඳ උයන නිවාස සංකීර්ණය පහත මාලයේදී සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ග‍්‍රෑම් 30 ක් සන්තකයේ තබාගෙන සිටියදීය.

එහිදී සැකකාරියගෙන් ප‍්‍රශ්න කිරීමේදී මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ තොරතුරු හෙළිවී ඇත.

සැකකාර කාන්තාව සතුව තිබී යතුරු කැරැුල්ලක් සොයාගෙන ඇති අතර ඒවා පරීක්‍ෂා කිරීමේදී එම යතුරු නිවාස සංකීර්ණයේ පිහිටි නිවාස කීපයකට අයත් ඒවා බව අනාවරණය වී තිබේ.

පසුව සැකකාරියද සමඟ එම නිවස පරීක්‍ෂා කිරීමේදී එක් නිවසක අල්මාරියක සඟවා තිබූ රුපියල් එක්කෝටි හැටලක්‍ෂයක් පමණ වටිනා හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 1 ග‍්‍රෑම් 680 ක් සොයාගෙන ඇති අතර එහි තිබී රුපියල් හය ලක්‍ෂයක මුදලක්ද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකාරිය මෙම ජාවාරම, සිදුකරන්නේ ‘වනාතේ කුමාර’ නමැති ඇගේ මස්සිනා සමඟ බවද හෙළිවී තිබේ. ‘වනාතේ කුමාරගේ’ බිරිඳ මෙම සැකකාරියගේ නැගණිය වන අතර ඇයද හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වී වසර 3 ක කාලයක් බන්ධනාගාරගතව සිටියි.

මෙම හෙරොයින් බ්ලූමැන්ඩල් සම්පත් නමැති මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවකුගෙන් තමන්ට ලැබෙන බව සැකකාරියගෙන් ප‍්‍රශ්න කිරීමේදී හෙළිකරගෙන ඇත.

මෙම හෙරොයින් තොගය ගබඩා කර තිබූ නිවසේ තිබී තවත් හෙරොයින් තොගයක් මීට පෙර අලෙවි කර තිබූ බවද හෙළිවිය.

ජාවාරමට සම්බන්ධ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

අත්අඩංගුවට ගත් හෙරොයින් සහ සැකකාරිය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාරදී තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක නදීක සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පවත්වයි.

kandos18

අද දිවයින

සිනමා කලා

bs250

නවලිය

ksugewa250

දියග

karunaratne250

මීවිත

janith250

More Articles