මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන මොහොමඞ් සිද්ධික් නමැත්තාගේ ගෝලයන් දෙදෙනකු පෙරේදා (12දා) රාත්‍රි අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන් සතුව තිබී රුපියල් එක්කෝටි හැත්තෑපන්ලක්ෂයකට අධික වටිනාකමෙන් යුත් මුදල් සහ රන් ආභරණ තොගයක් සොයාගෙන ඇත.
මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණේ ග්රෑන්ඞ්පාස් ප්‍රදේශයේ සුපිරි මහල් නිවාසයක සැඟවී සිටියදීය.
මෙහිදි රුපියල් එක්කෝටි විසිහයලක්ෂ හතළිස්තුන්දහසක මුදල් සහ රුපියල් පනස්ලක්ෂයකට අධික වටිනාකමෙන් යුත් රන් ආභරණ තොගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයට ගෙන ඇත.
මෙහිදී සොයාගත් මුදල් මත්ද්‍රව්‍ය තොගයක් මිලදී ගැනීම සඳහා ලබාදීමට සූදානම් කර තිබූ බව විමර්ශනවලින් හෙළි වී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු තොරතුරක් මත ග්රෑන්ඞ්පාස් ප්‍රදේශයේ පිහිටි රුපියල් කෝටි ගණනක් වටිනා සුපිරි මහල් නිවාසයක් පරීක්ෂා කිරීමේදී මෙම සැකකරුවන් සමඟ මුදල් සහ රන් ආභරණ සොයාගැනීමට හැකි විය.
මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධානම පෙළේ ජාවාරම්කරුවන් ගෙන් එක් අයකු වන මොහොමඞ් සිද්ධික් මේ වනවිට රහසිගත ස්ථානයක සැඟවී සිටින බවට තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් රඳවා තබා ගැනීමේ නියෝග මත තබාගෙන ප්‍රශ්න කරගෙන යන බව පොලිසිය පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.
හේමන්ත රන්දුණු, ගාල්ල - ලලිත් චාමින්ද, එස්. කේ. කළුආරච්චි