Divaina - එංගලන්තයෙන් ලංකාවට පැමිණි අයකු කොවිඞ් නව ප‍්‍රභේදය

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
p1 14 7 * වසංගත රෝග අධ්‍යක්ෂ  විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර
 
 උපාලි ද සේරම්
 
 එංගලන්තයේ සිට පැමිණි පුද්ගලයකුට එරට පැතිර යන කොවිඞ් 19 වෛරස රෝගයේ නව ප‍්‍රභේදය වැලඳී ඇති බවට ජයවර්ධනපුර සරසවියේ මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය ඇතුළු පිරිසක් විසින් සිදු කළ පර්යේෂණයකින් හඳුනාගෙන ඇතැයි වසංගත රෝග අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
 
 මෙම පුද්ගලයා ශ‍්‍රී ලංකාවට පැමිණ ඇත්තේ සංචාරකයකු ලෙස නොව සිය පෞද්ගලික සංචාරයක් සඳහා බව සඳහන් කළ ඒ මහතා, කුමන කටයුත්තක් සඳහා පැමිණියද මෙරටට පැමිණෙන සෑම පුද්ගලයකුටම පීසීආර් පරීක්ෂණ සිදුකරන බවත්, ඒ අනුව මෙම පුද්ගලයා සම්බන්ධව ද සිදු කළ පීසීආර් පරීක්ෂණයේදී ඔහුට වැලඳී ඇති කොවිඞ් 19 නව ප‍්‍රභේදය හඳුනාගත් බවත් කීවේය.
 
 මෙම පුද්ගලයා නිරෝධායනය සඳහා යොමුකර ඇති බැවින් ඔහුගෙන් මෙම නව ප‍්‍රභේදය රට තුළ පැතිර යෑමේ අවදානමක් නැතැයි ද විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටියේය.
 

kandos18

අද දිවයින

සිනමා කලා

chat250

නවලිය

kuslani250

දියග

oththu250

මීවිත

shelton250

More Articles