Divaina - පාර්ලිමේන්තුවේ 463කට පීසීආර්

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

pcr1සමන් ගමගේ

පාර්ලිමේන්තුව තුළින් තවත් කොරෝනා පොකුරක් නිර්මාණය වීමේ අවදානමක් ඇති වීමත් සම`ග එම තත්ත්වය වළක්වා ගැනීමේ පියවරක් ලෙස ඊයේ (13 වැනිද)  කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා, මන්තී‍්‍රවරුන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු 463කට පීසීආර් පරීක්‍ෂණවලට ලක් කිරීමට පියවර ගෙන ඇත.

ඇමැති වාසුදේව නානායක්කාර, රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර සහ සමගි ජනබලවේගය මන්තී‍්‍ර රාවුෆ් හකීම් යන මහත්වරුන්ට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සම`ග පාර්ලිමේන්තුව තුළ මෙසේ අවදානම්කාරී තත්ත්වයක් ඇති විය.

තවත් පිරිසකට හෙට (15 වැනිදා) පීසීආර් පරීක්‍ෂණ සිදු කිරීමට ද නියමිතව ඇත.

මෙම අවදානම්කාරී තත්ත්වය සම`ග ඉදිරි සතියේ පාර්ලිමේන්තුව පැවත්වීම සම්බන්ධයෙන් සාකච්ඡුා කර තීරණයක් ගැනීම සඳහා කථානායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් හා පක්‍ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබ`ද කාරක සභාව රැුස්වීමට නියමිතව තිබුණ ද එයද අවලංගු කෙරිණි. එම රැුස්වීම ලබන ස`දුදා (18) වැනිදා පෙරවරු 10.00 ට පැවැත්වීමට තීරණය කර ඇති අතර ලබන 19 වැනිදා ඉදිරි සතියේ පාර්ලිමේන්තු රැුස්වීම් ආරම්භ වීමට මීට පෙර මෙය පැවැත්වීමට නියමිතය.

මේ අතර නිරෝධායනයට ලක් කර සිටියදී කෑගල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඊයේ (13 වැනිදා) මන්තී‍්‍රවරුන් රැස්කර ප‍්‍රාදේශීය සභාවේ මහා සභා රැුස්වීම පවත්වමින් සිටියදී මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් එය අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

ප‍්‍රාදේශීය සභාවේ මන්තී‍්‍රවරයකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඉකුත් 11 වැනිදා හෙළිවී තිබුණු අතර එම මන්තී‍්‍රවරයාගේ සමීප ආශි‍්‍රතයකු බැවින් සභාපතිවරයා පෙරේදා (12 වැනිදා) සිට නිරෝධායනයට පියවර ගෙන තිබිණි. එසේ තිබියදී නිරෝධායන නීති උල්ලංඝනය කළ ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මෙසේ මහ සභා රැුස්වීම පවත්වා ඇතැයි සෞඛ්‍ය අංශ ස`දහන් කරයි. පසුව සභාපතිවරයා සහ පවුලේ අය ඇතුළු සියලූම දෙනා යළිත් ඊයේ සිට නිරෝධායනයට ලක් කිරීමට ද පියවර ගෙන ඇත.

සබරගමුව පළාත් සභාවේ සේවකයන් හත් දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ද ඊයේ වාර්තා විය. පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ රාජකාරි කරන පස් දෙනකුට සහ කම්කරුවන් දෙදෙනකුට මෙසේ කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

මේ හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ කාර්යාලවලට මහජනයා පැමිණීම ද තාවකාලිකව අත්හිටුවා ඇති අතර, පළාත් සභාවේ සියලූම රියැදුරන්ට සහ කම්කරුවන්ට පීසීආර් පරීක්‍ෂණ සිදු කිරීමට පළාත් සෞඛ්‍ය අධ්‍යක්‍ෂවරයා ප‍්‍රධාන සෞඛ්‍ය බලධාරීන් තීරණය කර ඇත.

කොරෝනා වෛරසය ආසාදනය වී මෙරට තුළ රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයන් 646 දෙනකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව ජාතික කොරෝනා මර්දන කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය ඊයේ සවස නිවේදනය කළේය.

එම පිරිසත් සම`ග කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප‍්‍රතිකාර ලැබීමෙන් පසු මේ දක්වා පූර්ණ සුවය ලබා ඇති සංඛ්‍යාව 43267 දක්වා ඉහළ ගියේය.

තවත් 6026 දෙනෙක් ඊයේ සවස 5.00 පමණ වන විට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව වැඩිදුර ප‍්‍රතිකාර ලබමින් සිටියහ.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් මරණ හතරක් සිදුව ඇති බව පෙරේදා (12 වැනිදා) රාති‍්‍රය වන විට සෞඛ්‍ය බලධාරීහු ස`දහන් කළහ.

කොළඹ 13, හංවැල්ල, මාතලේ, වැල්ලම්පිටිය යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් වූ 82 සහ 84 වියේ පසු වූ කාන්තාවන් දෙදෙනකු සහ 47 සහ 64 වියැති පිරිමි පුද්ගලයන් දෙදෙනකු මෙසේ මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ස`දහන් කළේය.

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයන් 588 දෙනකු පෙරේදා (12දා) රාතී‍්‍ර වන විට මෙරටින් වාර්තා වී තිබුණු අතර, එම පිරිසත් සම`ග මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව ද පනස්දහසේ සීමාවට ආසන්න වෙමින් 49537 දක්වා ඉහළ ගියේය. එසේම ඊයේ සවස 6 වන විට තවත් ආසාදිතයන් 309ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 49846 දක්වා ඉහළ ගියේය.

මේ අතර අනුරාධපුර භික්‍ෂු විශ්වවිද්‍යාලයෙන් කොරෝනා ආසාදිතයකු හ`දුනා ගැනීමේ සිද්ධියක් හේතුවෙන් ලබන ස`දුදා (18දා) දක්වා එම විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දැමීමටද ඊයේ පියවර ගෙන තිබිණි.

එම විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර මූල්‍ය අධිකාරීවරයාට මෙසේ කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. ඔහුගේ ආශි‍්‍රතයන් හ`දුනා ගැනීම ස`දහා සෞඛ්‍ය අංශ පරීක්‍ෂණයක් ද ආරම්භ කර තිබිණි.

එසේම හුදෙකලා බවින් මුදහරින ලද කොළඹ ඇතැම් ප‍්‍රදේශවල ජනතාව සෞඛ්‍ය උපදෙස් නොතකා කටයුතු කරමින් සිටින බැවින් එම ප‍්‍රදේශ නැවත හුදෙකලා කිරීමට සිදුවීමේ තත්ත්වයක් ඇති වෙමින් තිබෙන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ඊයේ සඳහන් කළේය.

සිවිල් ඇ`දුමින් සැරසුණු පොලිස් නිලධාරීන් සිදු කළ නිරීක්‍ෂණවලදී විශේෂයෙන් උතුරු කොළඹ සහ කොළඹ මධ්‍යම ප‍්‍රදේශවලදී මෙම තත්ත්වය දැක ගැනීමට ලැබී ඇතැයිද ඒ මහතා පැවසීය.

එම ප‍්‍රදේශවල ජනතාව සමූහ වශයෙන් ඒකරාශි වී විවිධ කි‍්‍රයා සිදු කරනු පොලිසිය නිරීක්‍ෂණ කර ඇති අතර යම් ආකාරයකින් එම ප‍්‍රදේශවල යළිත් කොරෝනා අනුපොකුරු නිර්මාණය වීමේ තත්ත්වයක් ඇති වුවහොත් නැවත හුදෙකලා කිරීමට සිදුවනු ඇතැයිද අජිත් රෝහණ මහතා කීවේය.
 

kandos18

අද දිවයින

සිනමා කලා

chat250

නවලිය

kuslani250

දියග

oththu250

මීවිත

shelton250

More Articles