ලසිත දුමින්ද
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමක් හෝ බදු දීමක් නොකරන බවත් එය සංවර්ධනය කිරීම සඳහා හවුල් ආයෝජනයක් කි‍්‍රයාත්මක කරන බවත් ඒ අනුව අදාළ ආයෝජනයෙන් 51% ක අයිතිය ශී‍්‍ර ලංකාවටත් ඉතිරි 49% ක අයිතිය ඉන්දියාවේ අදානි සමාගමට හිමිවන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.
වෘත්තීය සමිති කළ ඉල්ලීමට අනුව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඊයේ පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡුාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
පසුගිය රජය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකිණීමට ගිවිස ගෙන තිබිණි. විකිණීමෙන් පසු ජපානයෙන් ණයක් ගැනීමත්, ණය මුදලින් ඉදිකිරීම් සඳහා වන උපකරණ මිලදී ගැනීමත් ගිවිසුමට ඇතුළත් විය. ගිවිසුම පිළිබඳව වත්මන් රජය ඉන්දියාව සමග කළ සාකච්ඡුාවලින් පසු 51%ක අයිතිය සහ පර්යන්තයේ පාලනය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ තබා ගැනීමේ එකඟතාවට පැමිණීමට හැකි වූ බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. රට තුළ කෙරෙන ආයෝජන මගින් රටේ ස්වෛරීභාවයට හෝ ස්වාධීනත්වයට හෝ කිසිදු හානියක් වීමට තමා ඉඩ නොතබන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
පසුගිය රජය විසින් හම්බන්තොට වරාය 99 වසරකට චීන රජයට සම්පූර්ණයෙන් බදු දී තිබිණ. තමා බලයට පත්වීමෙන් පසු චීනය සමග සාකච්ඡුා කර වරායට අයත් මුහුදු ප්‍රදේශයේ ආරක්ෂාව පිළිබඳ වගකීම රජය යටතට ගත් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.
නැගෙනහිර පර්යන්ත සංවර්ධනය සැලසුම් කළේ කලාපීය භූ දේශපාලනික සාධක, රටේ ස්වෛරීභාවය, ආදායම් සහ රැුකියා උත්පාදනය ඇතුළු සියලූ සාධක සමාලෝචනය කිරීමෙන් පසුව යැයි සඳහන් කළ ජනාධිපතිවරයා ආයෝජන වැඩසටහන යටතේ නැගෙනහිර පර්යන්තය ”තිරසාර සංවර්ධනයකට” ලක් කරන බව ද කීය. නැගෙනහිර පර්යන්තය ප්‍රතිඅපනයන මෙහෙයුම්වලින් 66%කට ඉන්දියාව දායක වෙයි. 9%ක් බංග්ලාදේශයටත්, ඉතිරිය තවත් රටවල් කිහිපයකටත් කෙරෙන ප්‍රතිඅපනයනයන්ය.
ශ්‍රී ලංකා රජයට 51%ක අයිතිය සහ ඉතිරි 49% ඉන්දීයාවේ ”අදානි” සමාගමටත්, වෙනත් පාර්ශ්වයන්ටත් කොටස්කරුවන් වශයෙන් හවුල් විය හැකි ආයෝජනයක් ලෙස පර්යන්තය සංවර්ධනය කිරීම සැලසුම බව ජනාධිපතිවරයා පැවසීය. ඒ ගැන කිසිදු සැකයක් තබා නොගන්නැයි කී ජනාධිපතිවරයා සියලූ වෘත්තීය සමිති නියෝජිතයන් එක්ව මේ වැඩසටහන පිළිබඳව සිය යෝජනා සහ අදහස් ඉදිරිපත් කරන්නැයි සමිති ප්‍රධානීන්ට දැන්වීය. වරාය බටහිර පර්යන්තයේ මෙහෙයුම් වරාය අධිකාරියට පැවරීමට තමා අපේක්ෂා කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා වරාය සංවර්ධනය සඳහා සැලසුම් ඉදිරිපත් කිරීමේ වැදගත්කම ද වෘත්තීය සමිති නියෝජිතයන්ට පෙන්වා දුන්නේය.
නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් පුළුල් කිරීමෙන් රැකියා අවස්ථා විශාල සංඛ්‍යාවක් උත්පාදනය කෙරෙන බව ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාව පිටුදැකීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියේය. පසුගිය රජය මත්තල ගුවන් තොටුපළ සහ නොරොච්චෝලේ බලාගාරය විකිණීමට සකසා තිබූ සැලසුම් වත්මන් රජය මුළුමනින්ම නවතා දැමූ බව මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, වරාය අමාත්‍යාංශයේ ලේකම්, වරාය සභාපති ඇතුළු නිලධාරීහු සහ වෘත්තීය සමිති 23ක නියෝජිතයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.
- Hits: 411